
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති හමුවීමට අවශ්‍ය බව පවසමින් ජනාධිපති ලේකම් කාර්යාලට ඉදිරිපිට මාර්ගයේ මාර්ග සංඥා කුලුනේ එල් හැඩයට සවිකර ඇති කොටස මත වාඩිවී මහජනතාවට පීඩා වන අයුරින් හැසිරුණු පුද්ගලයා අත්අඩංගුවට ගත් බව කොටුව පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිකන්ද, නව මහසෙන් පුර පදිංචි 23 හැවිරිදි තරුණයෙකි.
තරුණයෙකු ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ අඩි 20 ක් පමණ උසැති මාර්ග සංඥා කුලුන මත වාඩිවි ජනාධිපතිතුමා අවශ්‍ය බව ට පවසමින් රැඳී සිටින බවට ඊයේ (5) කොටුව පොලිසියට ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් බිමට බසින ලෙස උපදෙස් ලබා දුන්නද ඔහු එය ප්‍රතික්ෂේප් කරමින් රැඳී සිටි බව පොලිසිය කියයි.
එම අවස්ථාවේදී ගාලු පාර මැද එන් එස් ඒ මටනම්ම සිට ගාලු මුව දොර දෙසට විශාල වාහන තදබදයක් ද ඇතිවී ඇති අතරින් වහා ක්‍රියාත්මක වූ පොලිසිය කොළඹ මහ නගරසභාවේ ගිනි නිවන රථය ගෙන්වාගෙන එහි ආධාරකය මගින් සංඥා කණුව මත සිටි පුද්ගලයා හට අනතුරක් වීමට ඉඩ නොදී එයින් බිමට ගැනීමට කටයුතු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිව මුණගැහෙන්න ඇයි ඔච්චර උඩකට නැග්ගේ, ජනාධිපති ලේකමි කාර්යාලයට යන්නනේ තිබූනේ, මත්ද්‍රව්‍ය භාවිතාකරලා වගේ මට හිතේන්නේ !....