( +++ නාලක සංජීව දහනායක)
මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරු 10.00 ට ගම්පොල දෙල්තොටදී ආරම්භ වේ.
රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට සෘජුවම බලපාන මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධන කිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීමට නියමිතය.
ඒ අනූව පවතින මාර්ග පද්ධතිය කාපට් අතුරා සංවර්ධනය කිරීම, පළාත් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම, විකල්ප මාර්ග හඳුනාගෙන සංවර්ධනය කිරීම, ග්‍රාමීය මාර්ග සංවර්ධය සහ නගරය මග හැර මාර්ග ඉදිකිරීම මෙම ව්‍යාපෘතිය යටතේ සිදුවේ.
මාර්ග සහ මහා මාර්ග අමාත්‍යංශය යටතේ පවතිව මාර්ග සංවර්ධන අධිකාරිය යටතට සෘජුවට අයත්වන කිලෝ මීටර් 1238 ක ක ප්‍රමාණයක් සංවර්ධනය කිරීමට නියමිත අතර පළාත් සභාවලට අයත් මාර්ග කිලෝමීටර් 16000 ක් ද සංවර්ධනය කෙරෙනු ඇත.
එමෙන්ම මෙම ව්‍යාපෘතිය යටතේ කොළඹ, මහනුවර, රත්නපුර ගාල්ල සහ මාතර වැනි රථවාහන තදබදය පවතින නගරවල රථවාහ තදබදයට විසඳුම් දිය හැකි වන අයුරින් විකල්ප මාර්ග හඳුනාගෙන සංවර්ධනය කිරීම හා මංසන්ධි පුළුල් කිරීමත් මෙම ව්‍යාපෘතිය යටතේ සිදුකිරීම හා නගරයට පිටතින් දිවෙන විකල්ප මාර්ගයන් ඉදිකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිමු ඇමතිතුමාගේ තෙමස් සැමරුම දා ගම්පොලින් පටන් ගැනීම හොඳයි.
ගහපු සහ ඉදිරියට ගහන්න හැකි හොඳම ව්‍යාපෘතිය.
ඔයවගේ අනවශ්‍ය සංදර්ශන වලට මුදල් නාස්ති නොකරන්න පොරොන්දු උනා වගේ මට මතකයි. ඡන්දෙ කිට්ටුවෙනකොට ඒවා අමතකයි.
බොහොම හොදයි නමුත් මේ සදහා උත්සව ? මේවා කළයුතු වැඩ බැවින් ජාතික උත්සව ? අනේ ,මෙහෙමත් ගොන් තඩියන් කෙසේ හෝ මහජන මුදල් කාබාසිනියා කිරීමේ ක්‍රියාවක් තමයි කරන්නම උත්සාහය. අනේ මගේ රට මෙවන් තකතීරු වැඩ සදහා මහජන මුදල් නාස්ති කිරීම නවතා කවදා මෙවන් ගොන් වැඩ වලින් ඈත්වේද ? අප රටේ මුල් පුරවැසියාට මෙම අදහස් පුද්ගලිකවම කියවීමට හැකි වේවා..!!!
ණය ගෙවන්න බැරිව ඉන්දියාවෙන් කල් ඉල්ලා මෙවැනි දේට කොහෙන්ද මුදල් ?
ඔච්චර දුර යන්න කලින් මේ කොළඹ මහා රෝහල් චතුරශ්‍රයේ පාරවල් ටික හදලා ඇස් වාට්ටුව ඉස්සරහ පාර පනින්න ගුවන් පාලමක් ගහන්නකෝ කොටුවේ දුම්රියපොළ ඉස්සරහ වගේ. කාටවත් ඒවා පෙනෙන්නෙත් නැහැ හිතෙන්නෙත් නැහැ. කොළඹ ලොකු මන්සන්ධි වල වාහන තදබදයට එක හේතුවක් තමයි පාර පනින ජනතාව. ඒ අයගේ ආරක්ෂාවත් පහසුවත් සලසලා ගුවන් පාලම් සවි කරන්න පුළුවන් නම් , ලොකු වියදමකින් තොරව ලොකු නාස්තියකුත් පිටු දකින්න පුළුවන් ඉන්ධන පිරිවැය සහ මාර්ග තදබදය පාලනය කරගෙන. වැඩේ ඉතින් මහා මාර්ග ඇමතිට එහෙම උවමනාවක් නැති කම තමයි ...
මේ අය ලොකු ලොකු ගැහිලි ගහන්න පාරවල්ම තමයි හදන්න යන්නේ.
හොද කෙනාට පාරවල් අමාත්‍යංශය භාර දීලා තියෙන්නේ. ජාතික උත්සවයට විතරක් කිලෝ මීටර් 50000.00 හදන මුදල් වියදම් කරයි.