(සුජිත් හේවාජුලිගේ )
මාර්ග ඉදිකිරීම් කටයුතුවලට සම්බන්ධවූ කොන්ත්‍රාත්කරුවන් හාර සීයකට ආසන්න පිරිසකට මාර්ග සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 7000 ක මුදලක් මෙතෙක් ගෙවා නැතැයි වාර්තා වේ.
හිඟ මුදල් ගෙවීමට ඇති කොන්ත්‍රාත්කරුවන්ගෙන් වැඩි පිරිසක් මාර්ග ව්‍යාපෘති ලක්ෂයේ වැඩසටහනට දායකවූ අය බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
මේ අතර මුදල් ප්‍රශ්න හේතුවෙන් අධිවේගී මාර්ග ඇතුළු මාර්ග ඉදිකිරීම් කටයුතු බොහොමයක් නවතා දමා ඇතැයි වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අප මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සර්ධා වීරකෝන් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මූල්‍යමය දුෂ්කරතා හේතුවෙන් අලුතින් මාර්ග ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇති බවයි.
කෙසේවෙතත් මාර්ග අලුත්වැඩියා කටයුතු දිගටම කෙරෙන බවද ඔහු සඳහන් කළේය.
මාර්ග ඉදිකිරීම් කටයුතු සඳහා විදේශයෙන් භාණ්ඩ ගෙන්වීමද ඩොලර් ප්රශ්නය නිසා අඩාලවී ඇතැයි වාර්තා වේ.
COMMENTS
ඇසිය යුතු වැදගත්ම ප්රශ්නය නම් මෙම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් කළේ අවශ්‍ය මුදල් ප්‍රතිපාදන නොමැතිවද යන්නයි... කොන්ත්‍රාත්කරුවන්ගෙන්, කෝටිගණන් වන කාර්ය සාධන බැඳුම්කරත් ලබාගන්නවා. එසේ තිබියදී මුදල් ගෙවීම සම්බන්ධව අධිකාරියේ වගකීම් පැහැර හැරීමට අධිකාරියට ඇති බලතල කවරේද? කෝටි සිය ගණන් ගෙවීමට නොහැකි වීමෙන් ප්රත්යක්ෂ වෙන්නේ අධිකාරිය තම යුතුකම් බරපතල ලෙස උල්ලංඝනය කර ඇති බව නොවේද? මේ සඳහා යොදන ප්‍රතිකාර මොනවාද? මෙසේ ගෙවීම් පැහැර හැරීමෙන් දුෂ්කරතාවයට පත්වන්නේ කොන්ත්‍රාත්කරුවන් පමණක් නොවේ. කොන්ත්‍රාත්කාරයින්ගේ සේවකයිනුත් ඔවුන්ගේ දරුපවුල්වල අයත් හිඟමනට වැටෙනවා. මේ පෙන්වන්නේ රජයේ දුර්දාන්ත පාලනයයි. එයට අමතරව මෙයට විරෝධය දක්වන්න ජනතාවගේ අයිතියත් මේ ජනාධිපති කප්පාදු කරලා..
බැලුවහම රජය තමයි නොම්මර එකේ පොලුකාරයා
මුලුමහත් ජනතාවම රවට්ටපු, මහපාරට වැටෙන තැනට වැඩකරපු දූෂිත නායකයින් ඉන්න රටේ තව කවර කතාද?