IMG-LOGO

‘‘මාරු කළ ඕ.අයි.සීලා වෙනුවට අලුත් අය දැන්ම නෑ‘‘

(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු)

මැති ඇමතිවරුන්ගේ නිවාසවලට ඉකුත් මැයි 9 වැනිදා පහරදීමේ සිද්ධියෙන් පසු ස්ථාන මාරු කරනු ලැබ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථිර පොලිස් ස්ථානාධිපතිවරුන් ලබන වසරේ පෙබරවාරි 21 වැනිදා තෙක් පත් නොකරන බව පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (15) දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මෙම දැනුම්දීම සිදු කරනු ලැබුවේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම් අග විනිසුරු ජයන්ත ජයසූරිය, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලිණි.

පොලිස් මූලස්ථාන පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතා ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් 14 දෙනකු විසින් ගොනු කර තිබූ මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් පොලිස්පති, නීතිපති සහ විශේෂ විමර්ශන අංශයේ අධ්‍යක්ෂක ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

තමන් මැයි 9 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවාසවලට පහරදීමේ සිද්ධියෙන් පසුව එම පහරදීම වැළැක්වීමට පියවර නොගත්තා යැයි චෝදනා කරමින් වෙනත් ස්ථානවලට මාරු කරනු ලදැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.

මෙසේ තමන්ට පමණක් මාරු වීම් ලබා දීම අසාධාරණ බවත් ඊට අදාළ ප්‍රදේශ භාර සහකාර පොලිස් අධිකාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් වගකිව යුතු බවත් පෙත්සම්කරුවෝ පවසති.

මෙම තත්ත්වය තුළ තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි පෙත්සම්කරුවෝ කියා සිටිති.



අදහස් (0)

‘‘මාරු කළ ඕ.අයි.සීලා වෙනුවට අලුත් අය දැන්ම නෑ‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 87 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1001 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site