
(රොමේෂ් මධුෂංක සහ අමදෝරු අමරජීව)
මියන්මාරයේ සිට නීතිවිරෝධීව වෙනත් රටකට මුහුදු මාර්ගයෙන් රැගෙන ගිය සරණාගතයින් 100 දෙනෙකු රැගත් යාත්‍රාවක් ඊයේ (19) සවස මුලතිව් මුහුදු වෙරලට ගොඩගසා ඇති බවට නවික හමුදාව පැවසීය.
මියන්මාරයේ සිට අදාළ සරණාගතයින් රැගත් යාත්‍රාව වෙනත් රටකට යමින් සිටිය දී එහි සිටි පිරිසට ආහාර හිගවීම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් මුහුදු තීරයට රැගෙනවිත් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වෙයි.
සරණාගත යාත්‍රාවේ සිට පැමිණි පිරිස් අතර කුඩා ළමුන් 20 කට ආසන්න පිරිසක් සිටින බවටද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.
(ඡායාරූප : රොමේෂ් මධුෂංක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියෙන කරදර මදිවට තවත් මරාලයක්..
මියන්මාර් බවක් නම් පේන්න නැහැ. ලඟම රටේ අය වගේ...
මියන්මාර් ජනතාව චිරතුලගේ වැදි බණ අහලා, අවුසාන් සුකීලාගේ තක්කඩි දේශපාලනයට රැවැටිලා, තමන්ගේම රටේ අසල්වැසි මුස්ලිම් ජනයාව කපාකොටා, මරා දමලා එරට වැසියන් ලබාගත්තු ජයග්‍රහණයද මේ..? බලාගෙන ගියාම හිඟන්නෝ තමයි ජාතිවාදය හා ආගම්වාදය කරපින්නාගෙන තමන්ගේ රටේ කෙරුමෝ වෙලා අනුන්ගේ රටවල අසරණයෝ හා අනාථයෝ වගේ ජීවත් වෙන්නේ... පහුගිය කාලේ ඔය කියන චිරාතුලා ලංකාවටත් වැඩම කරලා, ලංකාවේ සිටින තලෙයිබාන් බෞද්ධ කල්ලිය සමග එකතුවෙලා ලංකාවේ සම්බුද්ධ ශාසනයත් අපවිත්‍ර කළා.
මෙයාලා රෝහින්‍යා, බංගලි, මියන් මාරයෙන් බංග්ලාදේශයේ දූපතකට යවන අය... කෝකටත් පරෙස්සමෙන් බොරු කියාගෙන තමන්ගේ වර්ගයා බෝ කරන අරමුණින්, බලෙන් හොරෙන් ප්ලග් වෙනවා හොඳ හොඳ රටවල් වලට... මොවුන්ව අනිවාර්යයෙන් ආපසු යැවිය යුතුයි. මෙච්චරයි අඩු ලංකාවට...