
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විල්පත්තුව ජාතික වන උද්‍යාන බටහිර මායිමේ පිහිටි වෙල්ලමුන්දල් හා කොල්ලන්කනත්ත වෙරළ තිරයට මියගිය විශාල ඩොල්ෆින් මසුන් 12 දෙනෙකුගේ සිරුර ගොඩ ගසා තිබිය දී හමුවු බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පැවසීය.
මෙලෙස මරණයට පත්වු ඩොල්ෆින් මත්සයින් අඩි 8 ත් 10 අතර විශාල මත්ස්‍යන් බව කියයි.
මෙම ඩොල්ෆින් මසුන් 7 දින සවස වෙල්ලමුන්දලම හා කොල්ලන්කනත්ත වෙරළ තීරයේ ගොඩ ගසා තිබිය දී කොල්ලනත්ත නාවික හමුදා අණු කණ්ඩායේ නිළධාරීන් දැක ඒ බව වනජීවි නිළධාරීන්ට දැනුවත් කර ඇති බව කියයි.
මෙසේ මරණයට පත්ව සිටි ඩොල්ෆින් මත්සයින් 12 දෙනාට අමතරව වෙරළ තිරයේ එක් ස්ථානයක දගලමින් පන පිටින් සිටි ඩොල්ෆින් මත්සයකු නාවික නිළධාරින් හා භට පිරිස් එක්වී නැවත ගැඹුරු මුහුදු තිරයට රැගෙන යාමට කටයුතු කර ඇති බව කියයි.
මෙම ඩොල්ෆින් මත්සයින් විශාල පිරිසක් එකම ස්ථානයක මෑත කාලයේ මරණයට පත්ව හමුවූ පළමු අවස්ථාව මෙය බවද කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්ය හේතුව ඩයිනමයිට් දමා මාලු ඇල්ලීම. ඔය විල්පත්තු ඒරියා එකේ පදිංචි සෙට් එකේ වැඩ තමයි ඉතින්.
මොරෙකුගේ පහර දීමක්වත් ද?
මේ පිංතූර වල ඉන්නේ ඩොල්පින් මිසක් ඩොල්පින් මසුන් නෙමෙයි .ඩොල්පින් මසුන් ඉන්නේ කැරිබියන් මූද වැනි ප්‍රදේශවල .ඩොල්පින් කොත්තු කියල තියෙනවා නීති විරෝධීව. මිනිසාට පසු වැඩිම බුද්ධි මට්ටමේ ඉන්න මේ ලස්සන ක්ෂිරපායි සත්වයා මිනිසුන් මූදේ කෙරෙන නීති විරෝධී ක්‍රියා නිසා මෙවැනි අවාසනාවන්ත ඉරනමකට ගොදුරු වෙන්න ඇති .
විල්පතුව ඉතින් අර ගොල්ලෝ තමයි