
(ඩබ්ලිව් .ඒ.සිරිසේන)
විරුද්ධ දේශපාලන පක්ෂයක දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිවරණ කොට්ඨාසයෙන් සහභාගී වූ පාක්ෂිකයන්ට උදේ ආහාරයට ලබාගත් පාන් ගෙඩි 100 කට මේ දක්වා මුදල් නොදුන් බව රක්වානේ බේකරි හිමියෙක් චෝදනා කරයි.
මැයි පළමුවැනිදා පවත්වන රැලියකට රක්වාන නගරයේ සිට සහභාගි වන සිය පාක්ෂිකයන්ට සංග්‍රහ කිරීමට පාන් ගෙඩි සීයක් මිලයට ගැනීමට අවශ්‍ය බවට පසුගිය දිනයක ප්‍රධාන පෙළේ දේශපාලන පක්ෂයක ක්‍රියාකාරීන් තිදෙනකු බේකරියට පැමිණ තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ සඳහා රුපියල් 15000 ක මුදලක් අවශ්‍ය බව පැවැසූ පසු රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් තමන්ට ලබා දුන් බවත් හෙතෙම පැවැසීය.
ඒ අනුව ඉකුත් පළමුවැනිදා උදෑසන පාන් ගෙඩි 100ක් එම පිරිසට ලබා දීමට ක්‍රියා කළ බවත් රැලිය පැවැති දිනට පසු දින ඉතිරි මුදල වන රුපියල් දස දහසක මුදල ලබාදෙන ලෙස ඉල්ලා සිටියත් මේ දක්වා මුදල් නොදුන් බවද සඳහන් කළේය.
පසුව පාන් ගෙඩි සීයයේ ඇණවුම ලබා දුන් තිදෙනා සොයා ගොස් අවස්ථා කිහිපයකදීම මුදල් ඉල්ලා සිටි විට ඔවුන් තමන්ට පැවැසූවේ පක්ෂයේ අනුගාමිකයන්ගෙන් මුදල් එකතු කර ගැනීමෙන් පසුව මුදල් ලබා දෙන බවයි.
බේකරි හිමියා එල්ල කරන චෝදනාව සම්බන්ධයෙන් අදාළ පක්ෂයේ සංවිධායක මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයකයකුගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ පැවැසීය.
අපි පාන් ඇණවුම භාරදෙන අවස්ථාවේදී රුපියල් 5000ක අත්තිකාරම් මුදලක් බේකරි හිමියාට ගෙව්වා. ඉතිරි මුදල ගෙවීම දින දෙකක් පමණ ප්‍රමාදයක් සිදුවී තිබෙනවා. හිඟ මුදල ගෙවා දැමීමට ඉදිරි දින දෙක තුළදී කටයුතු කරනවා. මෙය දින දෙක තුනක ප්‍රමාදයක් හැර මුදල් ගෙවීම පැහැර හැරීමක් නොවෙයියැයි ද කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ඒ අයගේ වරදක් නොවෙයි. ආණ්ඩුවේ වරද? වරද රනිල්ගෙයි, මහින්දගෙයි..
පාන් බිලේ හිඟ පැත්තේ ඔරලෝසු මුහුණක හැඩයක් තියෙනවා නේද?
ඕක පිටිපස්සේ ඉන්නේ අර ඉරාජ් කියන කෙනාද?
මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නේ මාලිමාව රජකරන්න වුණත් නලින් හේවගේ නැමැත්තා කියපු දේ අනුව ඔවුන්ගේ අදහස් අනුමත නොකරන පිරිස් වලට දඬුවම් දීම අනිවාර්යයෙන් වෙනවා. එනිසා ඔවුන්ගේ අවශ්‍යතා බලෙන්ම මිනිසුන් ලවා ඉටුකිරීමට කටයුතු කරන බව මෙයින් පෙන්වා දුන්නාට දුරදිග නොපෙනෙන මානසිකව දුර්වලතා සහිත අයට තේරුම් ගන්න බැහැ. අඩුම තරමින් පාර්ලිමේන්තුවේ මංත්‍රීලා තුනක් සිටගෙන ඔහොම නම් ආණ්ඩුව ගතහොත් කොහොම වේද කියලා හිතන්න..
නෑ.. ඒ ගොල්ලෝ එහෙම නෑ...
කමක් නෑ අපි මාලිමාමාට.... මාලි මාමාට ජයවේවා...!
කියන්න දෙයක් නෑ. අනිවාර්යයෙන්ම jvp හිඟන්නෝ සෙට් එක... කොල්ලකෑම මිසක් වෙන දෙයක් නොකරන ගම්වැද්දෝ සෙට්එක ජවිපය...
මේක ප්‍රවෘත්තියක් වීමම ජනතාව මාලිමාවට එක්වීම පේනවා, මේවගේ දේවල් ඕන තරම් වෙනවා බේකරි කාරයට දවසක් දෙකක් ප්‍රමාද වෙන බව කීවම ඕක පත්තර වලට යැවීමම මිනිහගේ නොහැදියාව පේනව, මුදලාලිලගෙ වියදමින් මැයි රැළි ගිහිල්ල බත්පාර්සල් අරක්කු බාග බීපු අයට මේක රස පුවතක්, මාලිමාවට මීට වඩා මඩ අපේක්ෂා කරනව, ඒත් ජනතාවගෙ කැමැත්ත මාලිමාවයි.
සරත් ,තමුන්ට ඔය පාන්ගෙඩි ලොකු වුණාට රටම මංකොල්ලකාපු උන්ට කඩේ යනඑක නම්බුයි නේද? මමත් ජවිපෙ ඒත මම හිඟන්නෙක් නෙවෙයි, තමුන් වගේ හාල් කිලෝ දහයට කට අරන උන් මාලිමාවෙ නැහැ, මේක ප්‍රමාදයක් කරුණු පැහැදිලි කරල තියෙන කොටත් ඒක නොසැලකීම බේකරිකාරයගෙ නොහැදිච්ච කම.
ඇයි පක්ෂයේ නම කියන්න බැරි? නම කියන්න බයනම් පක්ෂය මොකක්ද කියලා ඒකෙන්ම හිතාගන්න පුළුවන්.. මේ කුපාඩි උත්සාහය කාට මඩ ගහන්නද?
අද පාන් දිනුවොත් ගෙදර බත් මුට්ටියත් අරගන්නවා. මොවුන්ටත් කඩේ යන මෝඩයින් පිරිසක් ඉන්නවා.. ඒ අතරට 69යේ සෝදාපලුවන් ටිකත් එකතු වෙලා.. ඔවුන් තමයි රටේ විනාශයට වගකියන්න ඕනේ... ආපහු තවත් නරියෙක් හොයාගෙන...!
සහෝදරවරුනි ප්‍රවේශම් වන්න.අපගේ සුළු අතපසුවීමක් පවා මහමෙරක් සේ ජනගත කිරීමට මෙහෙයුම් ක්‍රියාත්මකයි.දේශපානමය වශයෙන් කෙතරම් වැහැරුණු මිනිසුන් එක්කද කටයුතු කරන්න වෙලා තියෙන්නේ.ප්‍රකෝටිගනන් රජයට වංචා කලවුන් සැපසේ.රුපියල් 10000/ ක් දින දෙකක් දන්වා ප්‍රමාද කිරීම ජාතික අපරාධයකි.
මුදලාලිට ආණ්ඩුව ආවම ලොකු වාසියක් වෙනව කියලා පොරොන්දු වෙලා ගන්න තිබ්බේ. එහෙම වුණා නම් ඕකා නිකන් දෙනවා පාන්.
අනික ඔය රුපියල් 10000 දීලා දාපල්ලා මුන් බලාගෙන ඉන්නෙ NPP එකට මඩ ගහන්න පොඩි හරි දෙයක් අල්ලගෙන. රටේ මහජන මුදල් ට්‍රිලියන ගණනින් හොරා කාපු හොරු ගැන කතා කරන්නෙ නෑ. මේ මිනිස්සුන්ට කන්න ණයට පාන් අරගෙන දීලා ඒක දෙනකම් ඉන්න බැරුව පත්තර වලටත් දාන කුහකයෝ එක්ක කොහොම රට හදන්නද මන්දා. මම නම් කියන්නෙ ණයට ගත්තා නම් ඒ ගත්ත සහෝදරවරු කොහොම හරි ගෙවල දාන්න. නැත්නම් ඕක සජියා ගිය ගිය තැන කියනවා.
රටේ ධනය ට්‍රිලියන ගණනින් හොරා කාපු හොරු ගැන කතා කරන්න බය කැලෑ පත්තර මිනිස්සුන්ට කන්න දෙන්න ණයට පාන් අරගෙන දුන්න එකේ සල්ලි දෙන්න ප්‍රමාද වුණා කියල පත්තරේ දාලා. අනේද කියන්නෙ. පොලු තියලා කියල කියන හැටි