
(යසන්ත ආරියසේන)
හක්මන කෝංගල ප්‍රදේශයේදී පසුගියදා හදිසියේ මිය ගිය යාචකයා සන්තකයේ තිබු රුපියල් තුන්ලක්ෂඅසූ හතර දහස් අටසිය හැට හතක (384,867.00) පමණ මුදල පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනිම සදහා නිතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇතැයි හක්මන ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
හක්මන කෝංගල නැගෙනහිර ප්‍රදේශයේ පදිංවිව සිටි හැට නව හැවිරිදි ඊ.එස්.විමලදාස යන අයෙකු ඉකුත් පෙබරවාරි මස දස වැනි දින දහවල් ඔහු පදිචිව සිටි නිවස අසල ඇති කන්දෙන් පහළට පෙරළිගොස් මෙලෙස මියගොස් තිබුණි.
මරණය පිළිබදව හදිසි මරණ පරික්ෂණය සිදුකරන අවස්ථාවේ මරණකරු අදින ලද කලිසමක රහස් සාක්කු කිහිපයක තිබි රුපියල් තුන් ලක්ෂ අසූ හතර දහස් අටසිය හැටහතක (384,867.00) පමණ මුදලක් සොයා ගත් අතර එම මුදල මේ වන විට හක්මන පොලිසියේ ආරක්ෂිතව තබා ඇත.
හදිසිමරණ පරීක්ෂණය සිදුකරන අවස්ථාවේ කිසිදු ඥාතියෙකු හෝ භාරකරුවෙකු ඉදිරිපත් නොවූ අතර කෝංගල නැගෙනහිර ග්‍රාම නිලධාරිණිය මැදිහත්ව මියගිය අයගේ අවසන් කටයුතු මාතර පොදු සුසාන භූමයේදී ඉකුත් මස එකොලොස් වැනි දින සිදුකරන ලදි.
අවසන් කටයුතු සිදුකර දින කිහිපයක් ගතවු පසු මියගිය අයගේ සොයුරිය යැයි පවසමින් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් පොලිසියට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට පැමිණ මුදල් සහ නිවසේ යතුර ලබාදෙන ලෙස ඉල්ලිමක් සිදුකර ඇතැයි වාර්තාවේ.
හක්මන සහකාර ප්‍රාදේශීය ලේකම් තීක්ෂණ දිසානායක මහතාගෙන මෙම කරුණ පිළිබදව විමසිමේදි මෙලෙ පැවසිය.
මියගිය අය සන්තකයේ තිබූ මුදල ආරක්ෂාව සදහා පොලීසියට භාර දිම සිදුකළා.එම මුදලින් යමි ප්‍රමාණයක් වැයකර මියගිය අයගේ අවසන් කටයුතු සිදුකළ අතර පසුගිය දිනක මරණකරුගේ සොහොයුරියක යැයි පවසමින් කාන්තාවක් පැමිණ තිබුණා.
නමුත්අවිවාහකව සිට මියගිය පුද්ගලයකුගේ මුදල් වෙනත් අයෙකුට ලබාදිමට අපට බලයක් නැහැ. එම නිසා එම මුදල් පිළිබදව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනිමට කටයුතු කරනවා.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම මුදල් පොලිසියට භාර දීම ප්‍ර්‍රාදේශීය ලේකම් නොකලයුතු දෙයක් .මොකද ඉස්සර ප්‍රාදේශීය ආදායම් නිළධාරි කිව්වෙ ඉන් පසුව උප දිසාපති ලෙසට කටයුතු කල නිළධාරින් විසිනි ඉතින් රජයේ මුදල් සම්බන්ධ ප්‍රාදේශීය ලේකම් බලධාරීයා වෙනවා ඔහුට නීතිපති උපදෙස් නැතුව පරීක්ෂණයක් කරල මුදල් මියගිය අයගේ නැගෙනියට දෙන්න පුළුවන් එහෙම නැත්නම් එම මුදල් රාජසංතක කිරීමට ප්‍රාදේශීය ලේකම්ට පුළුවන් ..මෙම සහකාර ලේකම් වරයා තමන්ගෙ තනතුර හෑල්ලුවට ලක්කරල කියන්න පුළුවන් (රජයේ ආදායම් එකතුකිරීමේ බලය ප්‍රාදේශීය ලේකම්ට නැහැ කියන්නෙ නොදන්නා කමටයි කියලා කියන්න වෙනවා )
රජ පවුලේ ගිණුමකට දාන්න. හිගන්නන්ගේ කියල නෑ , ගන්නවා
පොලිසිය ලියන දඩකොල සදහා මුදල් රැස් කිරීමට බලය තියෙන්නෙ තැපැල් කාර්‍යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට .තවත් රජයේ අමාත්‍යාංශ දෙපාර්තමේන්තු රාශියක වුනත් ආදායම් එකතු කරන්නෙ ප්‍රාදේශීය ලේකම් එහෙනම් මෙම මුදල් පොලිසියට දුන්නේ ඇයි