
(අමිල චින්තක ගමගේ)
මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙන අකමැත්ත බව ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
මෙය අසාමාන්‍ය ජනවරමක් බවත් එය තේරුම්ගෙන ආණ්ඩුව කටයුතු කළ යුතු බවද ඔහු කීය.
කැනේඩියානු දෙමළ සංගමය වැනි ආයතන නැවතත් ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා සංතර්පනය කරනවා වෙනුවට ඒකීය රාජ්‍යයක් තුළ සියලු ජනතාවගේ අභිමාතාර්ථ ඉටුකරන ගමනක් ආණ්ඩුව යා යුතු බවද ඔහු සඳහන් කළේය.
මෙම ජනවරම මගින් ජනතාව වඩාත් අපේක්ෂා කරන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ජනතාවට සාධාරණ ඉටුවන හෙට දවසක් උදා කර ගැනීම බවද ඔහු කීය.
ආණ්ඩුව නිවැරැදි ගමනක නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව ජනතාව පෙළගස්වමින් ඊට නායකත්වය ලබාදීම බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විමලාවතී නංගියේ ඔයා කොහෙද ගියේ?
රටට වින්නැහියක් කළ කෙනෙක් තමයි මේ... හිරේ යන්නම ඕනෑ කෙනෙක්. අපි බලමු... මොකෝ වෙන්නේ කියා... ඊළඟ පාර ඡන්දෙ දෙන්න ඕනෑ නම් NPP එකට.. කරන වැඩ දිහා බලන් ඉඳිමු..
පැත්තකට වෙලා හිටපං විමලෙ කොලුවෝ. නුඹලාගේ නායකත්වය හොඳයි දෙපරන්දේ ගහගන්න... රට කාපු හැතිකරේ...
වර්ථමාන ආණ්ඩුව සර්ව සම්පූර්ණ සුදු චරිතයක් යැයි විශ්වාස කිරීමද අන්ධ විශ්වාසයකි. එබැවින් මැදහත් සිතින් බලා සිටීම වටී. අපට ආර්ථිකය මෙන්ම රට, ජාතිය, බුදුදහම යන ත්‍රිත්වයම වටී. ඒ සියල්ල නිවැරැදිව කළමනාකරණය කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
අනේ විමලෝ. අර හොර passport නඩුව, ගෙදර කොල්ලෙක් මැරුණු එක වගේ ඒවා ගැන බලාගන්න... බොරුවට කහින්නේ නැතුව.
තමුන්ගේ කියුම් කෙරුම් ගැන අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. කපන්ඩ බැරි අත සිඹිනවා..
මේ සෑරේ මොකද ඔක්කෝම උතුරේ සහ දකුනේ පල්ලි වල (උතුරේ ඇතුළුව, LTTE එක මුළු උතුරම ක්‍රිස්තියානි කල්ලා කියලා අමතක කරන්න එපා ) NPP/JVP එකට ඡන්දේ දෙන්න කියලා කිව්වේ.? මේක ප්‍රසිද්ධ රහසක්…. JVP/NPP එක LTTE ඩයස්පෝරා එකත් එක්ක (තනිකර ක්‍රිස්තියානි ) මොකක්ද මේ කරන්න යන්නේ….? බෞද්ධයෝ මේවා දන්නේ නෑ නේද…?
විමල් සහෝදරයා අපි චන්දය පාවිච්චි කළේ නැහැ. ඔබට මොකද වුනේ..? දෙන්න කෙනෙක් නැහැ... අපිට ඔබව අවශ්‍යයි...
මහ මැතිවරණයෙන් නියත පරාජයට පත්වෙනවා ට බියෙන් කටයි, පිටිපස්සයි දෙකම අවුරාගෙන, සයිඩ් එකේ හිටපු "මිස්ටර් පංචායුධෙ" දැන් එයාගේ පරණ හොරණෑවට පණ දෙන්න හදනවා. එයාගේ අවවාද, උපදෙස් වලට කන්දීමට ජනාධිපතිවරයාට කිසිම වුවමනාවක් හෝ අවශ්‍යතාවයක් නැත. ඇහුවොත් නම් අනුරත් ඉවරයි, රජයක් අවසානයි...!
භූමිකාව කෙසේ වෙතත්, ඔබතුමාට ළඟදීම භූමිය කන්න වෙනවා
නුඹලා වැන්නවුන්ට අසාමාන්‍ය වුණාට, රටේ බහුතරයක් ජනතාවට සාමාන්‍ය දෙයක්...ඒකනිසා පව් නොදී පැත්තකට වෙලා හිටුං...
මාංචු කුට්ටම ඔබ එනතුරු බලා සිටියි. හොර පාස්පෝට්
පස්ස බිම ඇණුනා නේද
බන දේශනා එපා . උඹ හිටියානම් නොසැලී අද අගමැති
එසේ නම් අසාමාන්‍ය ලෙස නිශ්ශබ්දව මාලිමාවට වැඩේ හරියට කරන්න දීලා ඔබේ කුහකකම ඔබ ළඟ තියාගන්න.
උපවාසයක් කරමුද?
ඔබලා ඔය නායකත්වය දුන්නේ කලින්.. අනුරාධපුරෙන් වීර කුමාරයා වගේ අය. ඒ වගේම උද්දික වගේ අය එක්කනේ. මාතරින් අර අයිටීඑන් එකේ චැට් කරපු කෙනා වගේ අය එක්කනේ ඔබලා රට හදන්න වැඩකලේ. අවස්ථාවාදී ගොබ්බසේනලා...
බම්බුව තමයි...
ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු බලලෝබී බඩගෝස්තරවාදී කාලකන්නි දුෂිත දේසපාලුවෝ පන්නපු ජනතාවාදී ආණ්ඩුවක් ?
කොහෙද මෙච්චර කල් විමල් හිටියේ? .... සිහිය ආවේ අදද?
නරියත් මෙහෙම කීවාලු...!
අනේ විමලාවති ඔයා කාටද එන්න හදන්නේ ඔය ඒ ගමන...?
අනේ මේ බුකි මහාචාර්යවරුන්ගේ කමෙන්ට්ස් දැක්කාම අපේ රටේ උගතුන් බහුතරයක් ඡන්දය නොදී හිටපු එක අරුමයක් නොවේ..!
මව්බිම නැතිනම් මරණය කියපු උන් අද LTTE ඩයස්පෝරා බෝන් අගේන් ආගමික ජාතික අන්තවාදීන් එක්ක යටින් දේල් දාලා… අද ප්‍රභාකරන් සමරනවා උතුරේ (ආරම්යභක් පමණයි) දකුනේ බෞද්ධ සන්කේත සියල්ල අයින් කරමින් යනවා... ජයමන්ගල ගාථා, පන්සිල්, පොල්තෙල් පහන, පිරිත්, සියල්ල නැති කරලා... බෞද්ද ජනතාව මේ ජෙප්පෝ රැවැට්ටුවා…