බ්‍රිතාන්‍යයේ මේ වනවිට ක්‍රියාත්මක වන දැඩි අගුලු දැමීමේ නීති මැයි මස අවසානය දක්වා ඉවත් කිරීමට අපහසු බව රජයේ බලධාරීහු පවසති.
නීති ලිහිල් කිරීම සම්බන්දව සලකා බැලිය හැක්කේ වයිරසය පැතිරීම මන්දගාමී වුවහොත් පමණක් බව ද පවසන ඔවුහු ඒ අතර කොරෝනා වයිරස පරීක්ෂණ වැඩිපුර සිදුකළ යුතු බව ද සඳහන් කර තිබේ.
කොරෝනා වයිරසය පැතිරීම හේතුවෙන් රජය විසින් බ්‍රිතාන්‍යය පුළුල් ලෙස වසා දමා ඇත.
මත්පැන්හල්, ආපනශාලා සහ වෙළඳසැල් සියල්ලම පාහේ වසා දමා ඇති අතර, පිටතට යාමට අත්‍යවශ්‍ය නම් මිස නිවසේ රැඳී සිටින ලෙස ජනතාවට නියෝග කර තිබේ.
රෝගීන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 3 605ක් වාර්තා වී ඇති අවස්ථාවක වයිරසය රට තුළ පැතිරීම මැඩපැවැත්වීම සඳහා මෙම නියෝගය සැලසුම් කර ඇත.
නමුත් දැඩි නීති රීති හමුවේ ආර්ථිකය කඩා වැටීමෙන් වැඩි ජීවිත ප්‍රමාණයක් අහිමි වේදැයි සමහර විශේෂඥයන් ප්‍රශ්න කිරීමට පටන් ගෙන තිබේ.
වයිරස ව්‍යාප්තිය සමග අගුලු දැමීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය මුලින් අනුගමනය කළේ ලිහිල් ප්‍රතිපත්තියකි.
නමුත් මෙම වයිරසය හේතුවෙන් බ්‍රිතාන්‍යයේ 250 000ක් පමණ මිය යා හැකි බවට ලන්ඩනයේ ඉම්පීරියල් විද්‍යාලයේ ගණිත හා ජීව විද්‍යාව සම්බන්ද ප්‍රධාන මහාචාර්ය නීල් ෆර්ගියුසන් මහතා විසින් වාර්තාවක් නිකුත් කිරීමෙන් පසු අගමැති බොරිස් ජොන්සන්ට දැඩි සමාජ-දුරස්ථ පියවරයන් පැනවීමට සිදුවිය.
කෙසේවුවද බ්‍රිතාන්‍යයේ ආර්ථිකයට සිදුවන පසුබෑම සම්බන්දව හා සිසුන්ගේ අධ්‍යාපනයට සිදුවන පාඩුව සම්බන්දව රටපුරා විවේචන ඇතිවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිටත් ස්වයං නිරෝධායනයේ පසුවන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා පවසා ඇත්තේ රටේ වර්තමාන තත්ත්වය සම්බන්ද සාකච්ඡාවකට විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඇරයුම් කර ඇති බවයි.
"ජාතික හදිසි අවස්ථාවකදී එකට වැඩ කිරීම පක්ෂ නායකයින් වන අපගේ යුතුකමක්" යැයි ඔහු පැවසීය.
මෙම සාකච්ඡාවය බ්‍රිතාන්‍යයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා සහ විද්‍යාත්මක උපදේශකයින් ද සහභාගී වීමට නියමිතව ඇත.
වයිරසය බන්ධනාගාර වලට පැතිරීම අවම කිරීම සඳහා සුළු වැරදි වලට රඳවාගෙන ඇති සිරකරුවන් පිරිසක් ඉදිරි සති කිහිපයේ දී නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවත් බලධාරීහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගමැති බොරිස් ජොන්සන්ට කොරොනා තිබ්බත් , රට පිලිබදව බලනවා. අපි ජොබ්ස් වලට යන්නෙ නෑ. එත් අපිට 80% පඩිය රජයෙන් සහ 20% අපේ විශ්වවිද්‍යාලයෙන් ලෑබෙන්න හදල දිලා තියනවා. අපි රජයට ස්තුති වෙනවා...
ඇදිරි නීතිය තිබුනත් අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් නැවත සේවයට කැඳවිය යුතුය, මේ අවස්ථාවේ ඔවුන්ගේ සේවය අවශ්‍ය වෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ / ආගමන විගමන / /මෝටර් ප්‍රවාහන වැනි දෙපාර්තමේන්තු වල ගොඩ ගැහිලා තිබෙන රියැදුර බලපත් , හැදුනුම්පත් , ගමන් බලපත් වල වැඩටික ඉවර කරගන්න පුළුවන් , සාමාන්‍යයෙන් මෙම දෙපාර්තමේන්තුවල සේවකයන් 5% වැඩට කැදවුවත් මේ ටික සතියකින් ඉවර කරගන්න පුළුවන් ,එසේ කලොත් ඇදිරිනීතිය ඉවත් කල දිනයකදී පරණ වැඩ ගොඩ ගැහිලා නැති නිසා අලුත් ඒවා එදිනෙදාම කරලා ඉවර කරගන්න පුළුවන්.
මෙතන පොඩි නිවැරදි කිරීමක් වෙන්න ඕන මහාචාර්ය නීල් මොරිස් ෆර් ගියු සන් කියන්නේ ජීව විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙක් නෙමි biological mathematics පිළිබඳව ලෝකය පිළිගත් උගතෙක්, මේ අයගේ කාර්ය භාරය තමයි මේවගේ දේවල් ගැන ගණිත ආකෘති හදල නිගමනවලට ඒම එකට වයිරස විද්‍යාව පිළිබඳවත් ගණිතය පිළිබඳවත් පරිනත දැනුමක් තියෙන්න ඕන...