(යොහාන් භාසුර)
අරලිගහ මන්දිරය සහ ගාලුමුවදොර කේන්ද්‍රකරගනිමින් පසුගිය 9 වැනිදා ඇතිවූ සිද්ධියත් සමඟ රට තුළ දියත් වූ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් සොයා එම අපරාධවලට දඩුවම් නිර්දේශ කිරීම සඳහා සුදුසු ආකාරයේ බලයක් ඇති විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්‍ෂ අටක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මාස තුනක් තුළ එම විශේෂ ජනාධිපති කොමිසමේ වැඩ අවසන් කළ යුතු බවත් එම පක්‍ෂ නායකයන් ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් කර තිබේ.
අතුරලියේ රතන හිමි (විජයධරණී ජාතික සභාව) සහ විමල් වීරවංශ (ජාතික නිදහස් පෙරමුණ), මහාචාර්ය තිස්ස විතාරණ (ලංකා සම සමාජ පක්‍ෂය), වෛද්‍ය ජී. වීරසිංහ (ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය), වාසුදේව නානායක්කාර (ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ), උදය ගම්මන්පිල (පිවිතුරු හෙළ උරුමය), ඒ. එල්. එම්. අතාඋල්ලා (ජාතික කොන්ග්‍රසය) සහ ගෙවිඳු කුමාරතුංග (යුතුකම ජාතික සංවිධානය) යන මහත්වරු මෙම ලිපියට අස්සන් තබා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එය එසේ විය යුතුයි...!
ඔව් අපිත් බලන් ඉන්නේ ඒ ඔක්කොම එල්ලනකන්...