මැයි 31 ඉරිදා සිට ජූනි 06 සෙනසුරාදා දක්වා සහ ඉන්පසු රට තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් මහජනයා දැනුවත්කිරීමේ නව නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, මැයි 31 ඉරිදා, දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.
ජූනි 01 සඳුදා සිට ජූනි 03 බදාදා තෙක් සියලු දිස්ත්‍රික්කවලට පෙර පරිදි රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වේ.
ජූනි 04 බ්‍රහස්පතින්දා සහ ජූනි 05 සිකුරාදා දෙදිනම රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙයි.
ජූනි 06 සෙනසුරාදා සිට සියලු දිස්ත්‍රික්කවල නැවත දැනුම් දෙන තුරු ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ පෙර පරිදි රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණි.
කෙසේවෙතත්, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මැයි 31 - ජූනි 4 - ජූනි 5 රටටම ඇඳිරි නීතිය
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 28 May 2020 10:48 AM
අන්‍ය ආගමිකයන්ටත්, තම ආගමික කටයුතු කරගන්න බැරිවුණා. අපිත්, නිවසේ සිටම ආගමික කටයුතු වල නිරත වෙමු.. ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය අනුව දිවි ගෙවීම වඩා උතුම් වේ...