( බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කළුතර කොහොලාන හෙට්ටිගොඩ නිවසක් තුළදී සිය මාමණ්ඩියට අතින් පයින් පහරදී ඝාතනය කළැයි කියන පොලිස් සැරයන් බෑනා  අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය කියයි 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගුණසේන අධිකාරම් 72 තිදරු පියෙකි 

අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම   පොලිසියට අනියුක්ත  හෝමාගම කම්කරු අධිකරණයේ සැරයන් වරයාය 

 සැකකරු සහ ඝාතනයට ලක් වූ පුද්ගලයා එකම නිවසක පදිංචිව සිටින අතර දෙදෙනා අතර කලක සිටම බහින්   බස් වීම්  ඇතිවී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය  

 මොවුන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී සැකකාර බෑනා  මාමණ්ඩියට අතින් පයින් පහරදී තිබූ අතර ඔහු රෝහලකට ඇතුලත් නොකර නිවස තුළ පැයකට අධික කාලයක්  රඳවාගෙන සිටිය දී  අසල්වාසීන් සහ ඥාතීන් මැදිහත්ව රෝහල්ගත කර තිබුණේ වැටීමකින්  සිදුවූ අනතුරක් හේතුවෙන් තුවාල සිදු වූ බව පවසමින් යයි පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිණි