(යොහාන් භාසුර)
මෙම වසර තුළ මෙරටට විදේශ සංචාරකයන් හයලක්‍ෂ පනසස් දහසකට ආසන්න සංඛ්‍යාවක් පැමිණි ඇති බවත් මෙම මස පළමු දින 7 තුළ පමණක් විදෙස් සංචාරකයින් 16,000 කට අධික සංඛ්‍යාවක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන මණ්ඩලය පැවසීය.
මෙම වසරේ ජනවාරි මස 1 වැනිදා සිට මෙම මස 7 වැනිදා දක්වා මාස 11 කට අධික කාලය තුළ විදෙස් සංචාරකයන් 644,186 ක් ද, මෙම මස පළමු දින 7 තුළ පමණක් සංචාරයන් 16,168 ක් පැමිණ ඇති බව ද, එම මණ්ඩලය සංඳහන් කළේය.
මාර්තු මස වාර්තා වූ සංචාරකයන් 106,500 මෙම වසරේ මාසයකදී පැමිණි ඉහළතම සංචාරකයන් සංඛ්‍යාව වන අතර මෙම වසර තුළ මෙරටට පැමිණි ඉන්දීය සංචාරකයන්ගේ සංඛ්‍යාව 108,510 කි.
බි්‍රතාන්‍ය ජාතිකයන් 78,827 ක් සහ රුසියානු ජාතිකයන් 74,713 ක් මෙම වසරේ පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි වැඩි සංචාරකයන් ලෙස මෙරටට පැමිණ තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ලක්ෂ 6 හමාරට විදෙස් රටවල පුරවැසි බව අරන් විදෙස් ගමන් බලපත් අරන් එන ලාංකිකයිනුත් ඇතුළත්ද?
අපට ලක්ෂ හය හමාර ලොකු උනාට මොනම සම්පතක්වත් නැති මුහුද විතරක් තියෙන කුඩාම කුඩා මාලදිවයිනට මේ අවුරුද්දේ විදේශ සංචාරකයින් මිලියන එක හමාරක් පැමිණි බවයි වාර්ථාවෙලා තියෙන්නේ. එහෙ එන්නේ අත මිට සරු හොඳට සල්ලි බාගේ විය හියදම් කරන්න ලෝබ නැති "තරු හතේ" සංචාරකයින් වීමත් ඔවුන්ට අවශ්‍ය ඉහලම සැප පහසුකම් සපයාදීමට මාලදිවයින සමත්වී තිබීමත් තවත් විශේෂත්වයක්. මහපාරේ හිටගෙන "චුන් පාන්" කන්න බලාගෙන එන දෙකයි පනහේ සංචාරකයෝ එහෙ යන්නේ නැහැ.