(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ මහතා ඝාතනයට ලක්වීමට පෙර ඔහු මරා දමන බවට බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව ඔහුට අවස්ථා කිහිපයක දී ම තර්ජනය කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළිකරගෙන ඇත.
ඔනේෂ් සුබසිංහ මහතා සහ ඔහුගේ බිරිඳ වන බ්‍රසීල ජාතික කාන්තාව අතර නිවෙසේ දී දේපළ සම්බන්ධයෙන් නිතර නිතර අඩදබර හටගෙන ඇති බවත්, “මම උඹව මරනවා” යැයි ඇය කිහිප අවස්ථාවකදීම ඔනේෂ් මහතාට මරණ තර්ජනය කර ඇති බවට හෙළි වූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
නිවෙසේ සේවය කරන සේවකයන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළිකරගෙන ඇති අතර සැකකාරියගේ මිතුරිය බව කියන සෙසු සැකකාරිය මීට මාස 4 ට පමණ පෙර මෙම නිවෙසට පැමිණ ඇති බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
බිරිඳ, දියණිය සහ බිරිඳගේ මිතුරිය සමග සංචාරයක් සඳහා ඉකුත් 19 වැනිදා ඉන්දුනීසියාව බලා පිටත්ව ගොස් ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
සුබසිංහ මහතාගේ ඝාතනයෙන් පසු ඔහුගේ බිරිඳ දියණිය ද කැටුව බ්‍රසීල ජාතික මිතුරිය ද සමග එරටට පලා ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සහ සිද්ධියෙන් පසු පලාගොස් සිටින බිරිය හා ඇගේ යෙහෙළිය සොයා විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට සහ බ්‍රසීලයට යාමට නියමිතව ඇත.
සුබසිංහ මහතාගේ බ්‍රසීල ජාතික බිරිඳගේ මිතුරිය මාෆියා කල්ලියක ක්‍රියාකාරී සාමාජිකාවක බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
ඝාතනය කෙරුණු සුබසිංහ මහතා ද මෙරට ව්‍යාපාර තිස් දෙකක් හිමි කෝටිපති ව්‍යාපාරිකයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බ්‍රසීලේ යන්න කලින් අන්තිම කැමති පත්‍රය ලියලා යන්න
ලංකාවේ පොලිස් අල්ලයි මගෙ නැට්ට….
ලංකාවේ ගෑනු නැතිව රට සැප හොයන ධනවතුන්ට හොඳ පණිවුඩයක්.මෙවැන්නන් රෑනක්ම ලංකාවේ දැනටම ඉන්නවා.
බ්‍රසීලයට පැනගත්තොත් අල්ලනවා බොරු. එහෙ මුදල් බලය නීතිය ඉක්මවා යනවා. මෙහෙන් යන පොලිස් කණ්ඩායම පවා වාෂ්ප කර දමන්නට මුදල් වලට පුලුවන්. ලෝකේ ඉන්න ලොකුම වැඩ්ඩෝ හැංගිලා නිදහසේ ඉන්න රටක් බ්‍රසීලය. බ්‍රසීල ගෑණු ලංකාවේ ඒකාකාරී ගෑණු වගේ නෙවෙයි අති රෝමාන්තිකයි රාගයෙන් අසීමාන්තිකයි නමුත් අතේ දුරින් තබාගතයුතුයි. මේ ව්‍යාපාරිකයා ඇයි මේ ටික වටහා නොගත්තේ.