(අංජුල මහික වීරරත්න)
මුලික මානුෂීය සංකල්ප වලින් ඉවත්වී මුදලට යාන වාහන වලට හිස නමන අධ්‍යාපන ක්‍රමයක් බිහිවීම රටේ සමාජ ආර්ථික පරිහානියට හේතුවක් බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.
හර්ෂණ නානායක්කාර මහතා මේ බව කීවේ බන්ධනාගාර දෙපාර්තමේන්තු අනෝන්‍ය අර්ථ සාධක අරමුදල් සමුපකාර සමිතියේ සාමාජික සාමාජිකාවන්ගේ 2021 /2022 සහ 2023 අධ්‍යයන වර්ෂ වල රාජ්‍ය විශ්ව විද්‍යාල වරම් ලැබු දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ අවස්ථාවට කොළඹ වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩා මණ්ඩප ශ්‍රවනාගාර පරිශ්‍රයේදී සහභාගී වෙමිනි.
විශ්ව විද්‍යාල වරම් ලැබුවන් 68 දෙනෙකු වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම මෙහිදී සිදු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහස 100% පිලිගන්නවා , නමුත් එකවර සිසුන් 700-800 ටියුෂන් දෙන , ප්‍රාඩෝ වලින් ආරක්ෂකයන් පිරිවරාගෙන පාරේ ගමන් කරන අනෙක් පුරවැසියන්ට තර්ජන කරමින් ගමන් කරන, සිසුන් සුරාකන ටියුෂන් ජාවාරම් කරුවන්ට විරුධව රජය ගත් පියවරක් හෝ ඉදිරියට ටියුෂන් මාෆියාව පාලනය කිරීමට කරන ලද සැලසුම් පිළිබඳව යමක් හෙළි කරන්න පුලුවන්නම් ඉතා වටිනවා ,
රටක් දුප්පත්කම වැඩිවිමට ප්‍රධාන හේතුව නොමිලේ ගුණාත්මක බවින් අඩු පහසුකම් ලබාදීමයි! O/L සහ A/L පාසල් මට්ටමින් පැවැත්විය යුතුයි! මේ සඳහා සෑම නගරයකම ජනප්‍රිය පාසල් 9-13 ශ්‍රේණි සඳහා පමණක් විය යුතුයි. එවිට සියලුම කුඩා පාසල්වල ප්‍රථමික අධ්‍යපනය ලබාදී තරග විභාගවලින් තොරව ජනප්‍රිය පාසල් සඳහා දරුවන් ඇතුළත් කළ හැකියි. තාක්ෂණික විෂයයන් උසස් පෙළ සඳහා වැඩි බරක් තබා කාර්මික විද්‍යාල විශ්ව විද්‍යාල බවට පරිවර්තනය කළ යුතුයි. ඉංග්‍රීසි භාෂාව අධ්‍යාපන මාධ්‍ය බවට පරිවර්තනය කිරීමෙන්...