(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ටෝනි කරුණානායක)
මිනුවන්ගොඩ නගරයේ පසුගියදා ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රදේශයේ තරුණ පිරිස අතර ඊට කිසියම් ආකාරයක හෝ දායකත්වයක් නැති තම දරුවන් නිදහස් කරදෙන ලෙස අද(21) මව්පියවරු පිරිසක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලා සිටියහ.
මෙම ඉල්ලීම කරනු ලැබුයේ විදේශ ගතව සිටි මන්තී‍්‍රවරයා ලංකාවට පැමිණි පසු අද(21) මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කරනු ලැබූ අවස්ථාවේදීය. එහිදී ප්‍රහාරයට ලක්වූ මිනුවන්ගොඩ මුස්ලිම් පල්ලිය හා ව්‍යාපාරික ස්ථානද ඒ මහතා නිරීක්ෂණය කළේය.
රණතුංග මහතා මිනුවන්ගොඩ රජමහා විහාරයට පැමිණ එහි විහාරාධිපති හැවලතැන්නේගම සීලරතන හිමියන් ඇතුළු ජනතාව සමඟ සාකච්ඡාවක නිරතවූයේය. එහිදී දරුවන් සිව්දෙනකු නිකරුණේ අත්අඩංගුවට ගෙන ඇති බව මව්පියවරු පැවසූහ.
අනතුරුව මන්තී‍්‍රවරයා හීනටියන පොත්ගල් රාජ මහා විහාරයේදී හීනටියන නන්දතිස්ස අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශවයේ මහානාහිමියන් බැහැ දුටුවේය. එම විහාරයේ චෛත්‍ය ඉදිකිරීමේ නිරතව සිටි නිර්මාණ ශීල්පියා ඇතුළු 24 දෙනෙකු පොලිසිය විසින් නිකරුණේ අත්අඩංගුවට ගත් බව එහිදී හෙළිකෙරිණි. අදාළ තරුණයින් සම්බන්ධව දිවුරුම් ප්‍රකාශ ලබාගෙන පොලිසියට හා අධිකරණයට ඉදිරිපත් කර නිකරුණේ අත්අඩංගුවේ සිටින පිරිස මුදා ගැනීමට මැදිහත් වන බව මෙහිදී රණතුංග මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට මිනුවන්ගොඩ නගර සභාපති නීල් ජයසේකර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාපති කුමාර අරංගල්ල යන මහත්වරුන් ඇතුලු මන්තී‍්‍රවරු පිරිසක් එක්ව සිටියහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලනය කරන හරක් කරපු හරියක් !
ජාතිය හා ආගම කුමක් උවත්, මොවුනුත් මුස්ලිම් ත්‍රස්තයින්ට දෙවැනි වන්නේ නැහැ. එම ත්රස්තවාදීන් යැවිය යුතු තැනටම යැවිය යුතු මොවුන් කාගේ හෝ සරණින් නිදහස් උවත්, මොවුන් පණපිටින් අපා ගතවෙන එක නම් කාටවත් වලක්වන්න බැහැ.
වැඩේ ප්‍රතිඵල බලනවා. මෙයා තාම හරියටම දන්නෑ මේවා කරපු කට්ටිය..
රටේ නීතිය කොතරම් බලු වී ඇත්ද? මන්ත්‍රී හොරුන්ට උසාවි තීරණය වෙනස් කළ හැකි බව මේ මිනිස්සු විශ්වාස කරයි...
අහිංසක අයගේ දේපළවලට පහරදෙන අවස්ථාවේ එතැන සිටියේ මොනහේතුවක් නිසාද? සමහර අය කියන්නේ සිංහල ගමකට පහරදුන්නේ නිසා කුලියාපිටිය ප්‍රදේශයේ පහරදීම් සිදුවුණා වගයි. පහරදුන් සිංහල ගමේ නම ඇසුවිට එයට පිළිතුරක් ලැබුනේ නැහැ. එය කෙසේවෙතත් නීතිය තම අතට ගත්තොත් වෙන්නේ ඔයටිකම තමයි.