මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (02) පස්වරු 6.45 වනවිට ආසාදිතයන් 164 දෙනෙකු එකතු වී තිබේ.

අද හඳුනාගත් පිරිසෙන් 43 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලද, 121 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙහි ආශ්‍රිතයන් ද ලෙසිනි.

මේ දක්වා එම පොකුරෙහි වාර්තා වූ පිරිස 7568 ක් වන අතර අද අලුතින් හඳුනාගත් පිරිස සමඟ එම පොකුරෙහි සමස්ත ආසාදිතයන් ගණන 7746 කි.