IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු රිමාන්ඩ්

(ටෝනි කරුණානායක)

සරුංගල් ප්‍රශ්නයක් මුල් කරගෙන මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ දී පියකු සහ ඔහුගේ පුතුන් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුට සහ ඔහුට   පලා යාම සදහා ආධාර අනුබල දුන් සැකකරු ඇතුළු සැකකරුවන් දෙදෙනා  ලබන 23 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් නාමල් කොළඹගේ මහත්මිය අද (12) නියම කළාය.

ගුවන් හමුදාවේ විශේෂ ගුවන් භට මෙහෙයුම් ඒකකයේ හිටපු කෝප්‍රල්වරයකු වන 38 හැවිරිදි සැකකාර වෙඩික්කරු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම සඳහා ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි .

ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබූ සැකකරුව ලබන 23 වැනිදාට ආවරණය කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අධිකරණය මීගමුව බන්ධනාගාර අධිකාරි වෙත නියම කලේය .

ඝාතන සිද්ධියේ සැකකාර වෙඩික්කරු අනුරාධපුරය, පදවිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මිනුවන්ගොඩ පොලිසියට භාරදී තිබුණි.

 

 



අදහස් (0)

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site