(පියදාස සමරවීර)

මිනුවන්ගොඩ දී පසුගිය දා සිදුවූ ත්‍රිත්ව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු අද දහවල් අත්අඩංගුවට ගත් බව පදවිය පොලීසිය පවසයි.

ඝාතනයෙන් පසු  සැකකරු පදවිය ප්‍රදේශයට  බස්රථයක් පැමිණ තිබේ. පදවිය 18 කණූව මිතුරකුගේ නිවසක  සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පදවිය පොලීසිය දැනට සිදුකරන පරීක්ෂණවලට අනුව සැකකරු ඩුබායිවල සිටින මිතුරකුගේ උපදෙස් අනුව මෙම ඝාතනයන් සිදුකල බවට අණාවරණය වී ඇත.

ගුවන් හමුදාවේ මීට පෙර සේවය කර ඇති මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

පදවිය පොලිස්‌ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන ස්ථානාධිපති සම්පත් සෙනවිරත්න මහතාගේ මූලිකත්වයෙන් උප පොලිස් පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන්වරුන්වන( 3108) සේනානායක. (7887) සරණපාල ඇතුලු නිලධාරීන් මෙහෙයුමට සහභාගි වූහ.