(හර්ෂණ තුෂාර සිල්වා)
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ සම දායකත්වය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ යෝජනාව නැවත විමසා බලන බව විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (25) පැවැසීය.
එමෙන්ම පසුගිය කාලයේදී මතභේදයට තුඩු දුන් සෑම ද්විපාර්ශ්වීය, බහුපාර්ශ්වීය යනාදි විදෙස් ගිවිසුම් සියල්ල නැවත විමසා බලන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී විදේශ කටයුතු, නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගුණවර්ධන මහතා එම කරුණු සඳහන් කළේය.
ඉකුත් සමයේදී මතභේදයට තුඩුදුන් සියලු ගිවිසුම් නැවත විමසා බලන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් කැබිනට් මණ්ඩලය හරහා එම කටයුතු කරන බවත් ගුණවර්ධන මහතා කීවේය. විවිධ අංශ ආවරණය වන අයුරින් ගිවිසුම් අත්සන් කර ඇති බවත් ඒ සියල්ල සම්පූර්ණයෙන් නැවත විමසා බැලීමෙන් අනතුරුව ඒ පිළිබඳ අවසන් තීරණ ගන්නා බවත් හෙතෙම කීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස ඊට අදාළ සියලු සහයෝගය දෙන බවත් එහිදි අදාළ ගිවිසුම්වල හොඳ නරක, මහජන මතය, රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සිටි නිලධාරීන් ඇතුළු වෘත්තීයවේදීන්ගේ අදහස් ද විමසා බලා අදාළ පහසුකම් සපයන බවත් ගුණවර්ධනය මහතා පැවැසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශය ලෙස නැති වී ගිය ජාත්‍යන්තර විශ්වාසය නැවත ස්ථාපිත කිරීමට ප්‍රමුඛත්වය දෙන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමටත් සෞභාග්‍යය උදා කිරීමට ප්‍රමුඛත්වය දෙන බවත් හෙතෙම කීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් රටවල්, ආණ්ඩු, ජාත්‍යන්තර සංවිධානය සමඟ සුහදව සහ මිත්‍රශීලිව කටයුතු කරන බවත් ඔහු කීවේය.
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගැනීම සඳහා ද මූලිකත්වය දෙන බව ගුණවර්ධන මහතා පැවැසීය.
ඊට අමතරව දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වය ඇති කර රටේ සංවර්ධන මාවතට ගෙන යෑම විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දිය හැකි උපරිම සහයෝගය දෙන බව ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් රටවල්, ආණ්ඩු, ජාත්‍යන්තර සංවිධානය සමඟ සුහදව සහ මිත්‍රශීලිව කටයුතු කරන බවත් ඔහු කීවේය". අපි එය අගේ කරනවා. ලොකයේ සියලුම රටවල් සමග සමගියෙන් සහයෝගයෙන් කටයුතු කිරීම අපේ රටට වැඩදායක වෙනවා.
ඔය බම්බු නොබැඳි රටක් කියන මගුල් ප්‍රතිපත්තිය නිසයි අපේ රටට කෙළවුණේ.. 60 දශකයේ ඉඳලා ඇමරිකන් හිතවාදීන් විදිහට හිටියා නම්, අද අපේ රට ජපානය හා සම සංවර්ධිත රටක්, 70 දශකයේ ආසියාන් සංගමයට බැඳෙන්න ආරාධනා ලැබුණම ඔය බම්බු ප්‍රතිපත්ති නිසා ඒවා අත්හැරිය, ජපානය, දකුණු කොරියාව විතරක් නොවේ.. ඒ ආයෝජන වැඩියෙන් ලැබෙන්නේ ඔවුන් හා වඩාත් හිතවත් රටවලට, එ්ත් අපේ මෝඩ හැත්තට ඒවා තේරුනේ නැත්තේ ඇයි?
ඔව් ඔව් එ්කට mcc අත්සන් කරන්න ඕනෑ. එහෙම නේද...? අනේ මේ නාකි දේශපාලන ඔස්තාර්ලාගේ දේවල් අහන ගෝත්‍රිකයින් තවමත් මේ රටේ ඉන්නවනේ. මොනවාටද ඇමෙරිකාව..? ඔයිට වැඩිය හොඳ දෙයක් නොවෙයිද රොහාන් පල්ලෙවත්ත කිව්වේ...?
ඔය අදහක් ක්‍රියාත්මක කරන්න බලන්නකෝ
වෙළඳ ප්රතිපත්තියයි විදේශ ප්රතිපත්තියයි දෙකක්. ඔය දෙක පටලව ගන්න එපා. අපිට නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් අවශ්‍ය අපේ රටට එරෙහි බොහෝ අසාධාරණ චෝදනා තියෙන නිසා. අපේ රටේ ආයෝජන වලට ඉඩ දුන්නා කියලා ඒ රටවල් අපට එරෙහි චෝදනා වලදී අපේ රටට සහයෝගය දෙන්නේ නැහැ. ඒ අවස්ථා වල අපට වැදගත් වෙන්නේ නොබැඳි සංවිධානයට අයත් රටවල් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය සංවිධානයට අයත් රටවල්. ඒ ඇරුනහම කලින් අපි චීනය සමඟ හොඳ විදේශ ප්‍රතිපත්තියක් සහ දීර්ඝ කාලින මිත්‍රත්වයක් තිබ්බ හින්ද චීනය අපිට ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රශ්න වලදී සහයෝගය දුන්නා. එහෙම කලේ වෙළඳ ගනුදෙනු බලාගෙන නෙමෙයි. අපේ රටේ විශාල පරිමාණයේ රුසියානු ආයෝජන නැහැ. නමුත් රුසියාවත් ජාත්‍යන්තර මානව හිමිකම් චෝදනා වලදී අපේ රටට සහයෝගය දුන්නා. හේතුව අපි මිත්‍ර විදේශ ප්‍රතිපත්තියක් රුසියාව එක්ක තිබ්බ නිසා. නමුත් අපි ඉන්දියාව එක්ක කොච්චර හොඳට හිටියත් ඔවුන් මානව හිමිකම් ප්‍රශ්න වලදී අපිට සහයෝගය දුන්නේ නැහැ. අනිත් එක ඇමරිකන් ඩොලර් මිලියන් 450ක් දෙන MCC වගේ ගිවිසුම් අත්සන් නොකළ යුත්තේ අපේ ස්වෛරීභාවය නැති වෙන හින්දා විතරක් නෙමෙයි, එක රටක් හින්ද අපිට අනිත් බොහෝ රටවල් නැති වෙන හින්දා.
නොබැදි හුදු වචනයට පමණයි. ලෝකයේ කිසිම රටක මෙම පිළිවෙත නැහැ.
පළවැනි ඇන ගැනීම. තව කීයක් වෙයිද. අපි ගනම් තියන්නම්. ඔහොම යමු.