
(සුජිත් හේවාජුලිගේ )
මානව හිමිකම් කඩවීම් සිදුවී ඇත්දැයි සෙවීමට පත්කළ කොමිෂන් සභාවේ දෙවැනි අතුරු වාර්තාව එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එම් නවාස් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (18) පිරිනමනු ලැබීය.
මෙම වාර්තාව පිටු එකසිය හතකින් සමන්විතය.
කොමිෂන් සභාවේ පළමු අතුරු වාර්තාව ජනාධිපති වරයාට පසුගිය වසරේ ජුනි මස 21 වෙනිදා බාරදෙනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ විකාර? මානව හිමිකම් කඩන මනුස්සයා අතටමනේ මේ වාර්තාව බාරදෙන්නේ? ගැමි වහරේ ඕකට කියන්නේ, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා...!
මෙයා නොදන්නම විෂයක්...!
කෝ අර දවස් 30න් එනවා කියපු පැන්ඩෝරා වාර්තාව?
ලංකාවේ මානව හිමිකම් කඩවෙන්න පටන්ගත්තේ මේ ආණ්ඩුව බලේට ආවට පස්සෙනේ. ලෝකෙම දන්නවා ජරාපක්ෂලාගේ කෙරුවාව.. මේ අය හොර සාටකේ දාගෙන සුදු ඇඳගෙන එක එක පාට නූල් ඇඟපුරාම එල්ලගෙන, රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරන අතර රට හූරන් කනවා. වෙන දන්න දෙයක් නැහැ.
මානව හිමිකම් කඩවීම් ගැන නම් කියලා වැඩක් නැහැ. මම දන්නවා ගුරුවරියන් දෙන්නෙක් එකම ශ්‍රේණියේ එකම වැටුප් තලයේ වැටුප් ලබා එකම මාසයේ විශ්‍රාම ගත්තේ සමාන වැටුප් ඇතිව... නමුත් 2019 විශ්‍රාම වැටුප් සංශෝධනය අනුව එක් අයෙකුට වඩා අනෙක් තැනැත්තිය මාසිකව රුපියල් 6500 ක් පමණ වැටුපක් ගන්නවා.. මේ බව බලධාරින්ට දන්වා මාස ගණනක් ගතව ඇතත් මෙතෙක් කිසිම පිළිතුරක් දීමට වගකිවයුතු අය කටයුතු කර නැතිබව දැනගැනීමට තියෙනවා...
ජනපතිතුමනි, ඔබතුමා කරුණාකර රටේ සැබෑ යථාර්ථය ගැන පෞද්ගලිකවම සොයා බලන්න. එවිට මානව හිමිකම් කඩවීම් ගැන සොයාගන්නට පුළුවන්. ඔබතුමාගෙන් වැඩි ලකුණු දාගන්න සමහර දෙනා කරනා වැඩවලින් රටේ ජනතාව කළකිරෙන්නේ ඔබතුමා හා රජය ගැනයි. සමහර අය කරන්නේ රජ්ජුරුවන්ගේ ඇඟේ වහපු මදුරුවාට කඩුවෙන් කෙටුවා වගේ නුසුදුසු වැඩ. මේ රටේ සමාජ මාධ්‍ය ජාල ඔබතුමාට බලයට එන්නට විශාල සහයෝගයක් දුන්නා. ඒත්, අද සමාජජාලා සමහර ක්‍රියාකාරීන් ඉන්නේ නොසන්සුන්කමින්. මේ රටේ කීර්තිමත් උගතෙකු වන එක්තරා පුද්ගලයෙකු ඔහුගේ අදහස් ප්‍රකාශ කිරීම නිසා අද ඔහුට ප්‍රශ්න ඇති වෙලා. මාගේ මිතුරෙකුද වන ඔහු වටා සිටිනා පිරිස් මේ නිසා ඉන්නේ මහත් කළකිරීමෙන්... සමහර දෙනා බලය අනිසිලෙස යෙදවීමෙන් ඔහුගේ මානව හිමිකම් උල්ලංඝනය වීමට අත්‍යාසන්නව තිබුණා. ඇතැම් දෙනා හිතුමතේට කරනා වැඩ නිසා පිරිහෙන්නේ රජයයි. මෙය ඔබතුමාගේ අවධානය පිණිසයි. ස්තූතියි...!
මානව හිමිකම් කඩවීම් ගැන තවත් කුමට සොයන්නද? මේ කාලේ රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ අයට කරදර ඇති වුණා නොවේද? බලයට එනවිට උදව්කළ සමාජ මාධ්‍ය ජලා ක්‍රියාකාරිකයන් අද පේන්නේ වහකදුරු වගේ... විවේචනය ගරු කරන්නේ නැහැ. විවේචනය රුස්සන්නේ නැති නම්, දේශපාලනය කරන්නේ කොහොමද? සොයා බැලිය යුතු කරුණක් වන්නේ, විවේචනයට ලක්වන්නේ ඇයිද කියලයි. වරද නිවැරැදි කරගත් විට සමාජයේ පැසසුමට ලක්වන බව දැනගැනීම වැදගත්. හමුදාවේ අත්දැකීම් ඇති පොලිස් ඇමැති, පොලිස් රාජකාරි හා නීතිය ගැන කරනා සමහර දේ නිසා ගැටළු ඇතිවෙන බව පෙනෙනවා. පොලිස් රාජකාරි හා නීතිය ගැන හොඳින් දන්නා කෙනෙකු මේ සඳහා පත්කිරීම රජයේ කීර්තිය ඇතිවීමට හේතු විය හැකියි. එය රටේත් ජනතාවගේත් යහපතට හේතු වන්නේය....
ලංකාවේ මානව හිමිකම් තියෙනවාද?
සර්... සර්ට ඕනෑ විදිහට වාර්තාව නැතිනම් ඕක ඔහොම්ම දාන්න කුණු කූඩෙට... මානව අයිතිවාසිකම්... බටහිර මලවිකාර...!