ඉතාලියේ මංගල උත්සවය සැලැසුම් කර, ඉතාලියට යෑමට සූදානමින් සිටින ඇමෙරිකන් තරුණයකුගේ ගමන් බලපත්‍රය ඔහුගේ බල සුරතලා සපා කා විනාශ කර ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
ගමන් බලපත්‍රය සපා කා එය විනාශ කර ඇත්තේ ‘චිකී’ ය.
‘චිකී’ අවුරුදු 1 1/2 ක් වයසැති ගෝල්ඩන් රෙට්රීවර් වර්ගයේ බලු සුරතලෙකි. අකරතැබ්බට මුහුණ දුන් තරුණයා ඩොනාටෝ ෆ්‍රැටරෝලිය.
ඩොනාටෝ විවාහ වීමට සූදානමින් සිටින්නේ මග්දා මාර්සි නැමැති තරුණිය සමගය. මංගල උත්සවය මෙම අගෝස්තු 28 වැනිදාට යෙදී තිබේ.
ඇමෙරිකානුවකු වන ඩොනාටෝ උපතින් ඉතාලි ජාතිකයෙකි. මංගල උත්සවයට ඉතාලියේ පැවැත්වීමට තීරණය කර ඇත්තේ එහෙයිනි.
කඩිනමින් නව ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට තමන් උත්සාහ ගන්නා බව ඩොනාටෝ පවසා තිබේ.
කෙසේ නමුත්, එය කඩිනමින් කළ හැකි වේවිදැයි සැක සහිත බව ද ඩොනාටෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මනාලයාගේ පාස්පෝට් එක බල්ලා කාලා
Bunny Preena Monday, 21 August 2023 10:27 AM
එයාට ඉරිසියා හිතුණද දන්නේ නැහැ... ඕවා මෙච්චරකල් හුරතල් කරකර ඉඳලා වෙන කෙනෙක් හුරතල් කරන්න ගෙනෙන නිසා.. එයත් මානුෂීය ගති තියෙන කෙනෙක් නේ...
Indika Monday, 21 August 2023 12:30 PM
බල්ලා Man's Best Friend කියන්නේ එකනේ. උට තේරුණා තමන්ගේ ස්වාමියා අමාරුවේ වැටෙන්න යන්නේ කියල. බේරන්න ට්‍රයි කලේ.