(නිමල කොඩිතුවක්කු)
මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් කැඳවා අද (16) උපදෙස් දෙනු ලැබීය.
සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකරන මිනීමැරුම් හා මත්ද්‍රව්‍ය ජාවාරම් මර්දනය කිරීමට පුද්ගල තරාතිරම නොබලා කටයුතු කරන්නැයි අමාත්‍යවරයා එහිදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට නියෝග කළේය.
ජනශක්ති සමූහ ව්‍යාපාරයේ සභාපති දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙන්ම මත්ද්‍රව්‍ය වැටලීම සම්බන්ධව කෙරෙන පොලිස් විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම සඳහා පොලිස්පතිවරයා ඇතුළු ප්‍රදේශ නිලධාරීන් මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙත කැඳවා අමාත්‍යවරයා මෙම උපදෙස් දෙනු ලැබීය.
පොලිස්පති සී. ඩී වික්‍රමරත්න, බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන මහත්වරුන් ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වටේම මිනීමැරුම්... ලොකු පොරක් මැරූ නිසා නීතිය ක්‍රියාත්මක කරන්න මතක් වෙලා...
ඔයාගෙ ගෙවල් තියෙන නාවල පාසල් මාවතෙයි, ගල්පොත්ත පාරෙයි තියෙන මත්ද්‍රව්‍ය ටික අත්අඩංගුවට ගත්තා නම් හොඳයි නේද?
ඒ කියන්නේ මෙච්චර කල් ඔය අපරාධවලට නීතිය ක්‍රියාත්මක වුනේ බුරුලෙන්ද?
හාකෝ
ලංකාවට ගිහිල්ලා සංචාරය කරලා තම රටට ආපු විදේශිකයන් කියනදේ මොකක්ද දන්නවද...??? අපි සංචාරය කරපු හැම තැනම රට මත්කුඩෙන් නැහැවිලා තියෙන්නේ... සංචාරය කරන්න හරිම බයයි.. රෑට බීච් එකට ඇවිල්ලා අහනවා 'පැකට්' ඕනිද 'කොපු' ඕනිද කියලා..! දෙකම ලාබයි කියලා..! සංචාරකයො ගෙන්න ගන්න පලකරලා දාන වෙළඳ දැන්වීම් වගේ නොවේ එයාපෝට් එකෙන් එලියට ආපු ගමන්... හරියට බය හිතෙනවා..!
නීතිය තදින් ක්‍රියාත්මක කිරීම හා බුරුල්ව ක්‍රියාත්මක කිරීම කියලා දෙකක් තියනවාද?
වෙන රටවල්වල පොලිස්පතිටයි, පොලිසියේ අනිත් අයටයි රාජකාරිය ඉටුකළ යුතු ආකාරය ඇමැති කියලා දෙන්න ඕනෑ නැහැ. ඒ අය දන්නවා රාජකාරිය එලෙසින් කරන්න. ඒකට ලංකාව... හපොයි...