
(සුජිත් හේවාජුලිගේ, නිමල් ජයරත්න සහ ක.ග කරුණාරත්න)
කදුරුවෙල සිට අක්කරේපත්තුව බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අද (9) රාත්‍රී 7.30 ට පමණ පොළොන්නරුව මඩකළපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය කොටලීය පාලමේ හැපී කොටලීය ඔයට පෙරළීමෙන් 11 දෙනෙක් මරුමුවට පත්ව 40 දෙනෙක් බරපතළ තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ සිටිති.
මියගිය සහ තුවාල ලැබූ මගීහු අක්කරේපත්තුවේ පදිංචිකරුවෝ වෙති. මෙම බස් රථයේ මගීන් හැට හත් දෙනකු ගමන් කර ඇති බව පොලිසිය පවසයි.
බස් රථයේ සිරවී සිටි මගීහු යුද හමුදාවේ,පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් විසින් කඩිනමින් බේරා ගෙන රෝහල් ගත කරනු ලැබූහ.
බස් රථයේ සිටි මගීන් කිහිපදෙනකු ඔයේ ගසාගෙන යන්නට ඇතැයි සැක කෙරෙන අතර කිමිදුම්කරුවෝ කණ්ඩායමක් ඔවුන් සොයා ගැනීමට මේ වන විටත් දැඩි පරිශ්‍රමයක් දරමින් සිටිති.
වේගයෙන් පැමිණි බස් රථය එක වරම කොටලීය පාලමේ හැපී ගඟට පෙරළී ගිය බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
බස් රථය ඔයට පෙරළෙද්දී මගීන් මර හඬදී කෑ ගැසූ බව ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
අනතුර සම්බන්ධයෙන් මනම්පිටිය පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස් රථයේ කාර්මික දෝෂයක් ද නැත්නම් රියදුරුගේ වරදක්ද. අධික වේගයෙන් ආවා කියන්නේ කොහොමත් පුද්ගලික බස් යන වේගයනේ..... ජීවිත අහිම් වූ සැමට නිවන්සුව පතමු. අනිත් සැමට ඉක්මන් සුවය ලැබේවා. අනතුරට පත්වූ අයගේ පව්ල්වල සැමට අපගේ බලවත් ශෝකය.
වේගෙන් යන ඩ්‍රයිවර් ලාගේ කනට ගහලා කියපල්ලා
හරිම කණගාටුයි. ජීවිත තුට්ටුවකටවත් මායිම් කරන්නේ නෑ. මේ වගේ දෙයක් වුණාම ශෝක දිනයක්වත් ප්‍රකාශ කරන්න ඕනේ. මේකේ තියෙන බරපතලකම තේරුම් යන්න අනික් අයට...
බස් සියල්ල රජයට අරන් ක්‍රමවත් කාලසටහනකට අනුව වැඩ කරන්න. පුද්ගලික බස් තරගය හැම ජීවිතයක්ම අනතුරේ දානවා.
මගීන් මරාගෙන මැරෙන බස්රියදුරෙක් වගෙයි.ඔයතරම් වේගෙන් ගියාම රථය පාලනයෙන් ගිලිහී අනතුරුවන බව දන්නෙම නැතිද?රියදුරු වැරදිකරුනම් දැඩිදඩුවම් දියයුතුයි.
අනේ දුකයි අපේ රටේ මඟී ජනතාව විඳිනා දුක් පීඩා ගැන .. ඉස්සර වගේ නෙමෙයි දැන් බස් වල ගමන් වියදම කී ගුණයක් වැඩිවෙලාද ? ඒත් මඟීන්ගේ පහසුකම් නම් වැඩිවෙලා නැහැ.දේශපාලකයන්ගේ ගමන් බිමන් සඳහා V 8 වාහන.ආරක්ෂාවට ඉදිරියෙන් පිටුපසින් ඩිපෙන්ඩර්.රටේ ජනතාවට ලේලන්ඩ් හා ටාටා බස්.ඒවායෙත් යන්න වෙලා තියෙන්නේ කිටිකිටියේ තදවෙලා.කොහොමද සවුභාග්‍යය ගිය දුරක්.අම්මපා කියලා වැඩක් නැහැ.