
(නිමල් ජයරත්න)
පොළොන්නරුව හබරණ ප්‍රධාන මාර්ගයේ බටුඔය ප්‍රදේශයේදී ගිනිගත් කැබ් රථයේ තිබී පිළිස්සිී මියගොස් ඇත්තේ ගම්පහ දෙකටන ප්‍රදේශයේ පදිංචි අවුරුදු හැටහතරක් වයසැති පිරිමි පුද්ගලයකුගේ යැයි බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇති බව මින්නේරිය පොලිසිය සඳහන් කරයි.
කිසියම් වූ දහන ද්‍රව්‍යයක් දමා එම කැබ් රථයට ගිනිතබා ඇති බවට මූලික පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවද පොලිසිය පවසයි.
කැබ් රථය අසල වැටී තිබූ ගමන් බෑගයේ තිබී පොලිසිය විසින් සොයාගත් හමු වූ හැඳුනුම්පත සහ අනෙකුත් ලියකියවිලි සමග දෙකටන ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් බවට තොරතුරු අනාවරණය වී ඇති බව හබරණ ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඬල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොලිසිය විසින් සොයාගත් බෑගයේ පිලිස්සි මියගිය පුද්ගලයාගේ ඇඳුම්,පැළඳුම් කීපයක්, සහ ජාතික හඳුනුම්පතේ පිටපතක් සහ රියදුරු බලපත්‍රයක් ද තිබී හමු වී තිබෙන බව මින්නේරිය පොලිසිය පවසයි.
මෙම සිද්ධිය පිළිබඳව සැක කටයුතු තොරතුරු කීපයක් තිබෙන බවත්, මේ පිළිබඳ රජයේ රස පරීක්ෂකවරයා, අධිකරණ වෛද්‍ය නිලධාරියා මෙන්ම මහේස්ත්‍රාත්වරිය පැමිණ පරීක්‍ෂණ කටයුතු ආරම්භ කර තිබෙන බවද මින්නේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද ප්‍රනාන්දු මහතා පැවසීය.

2025 දෙසැම්බර් මස 18
587
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මින්නේරියේදී වාහනයක පිළිස්සුණු අයගේ තොරතුරු ටිකක් හමුවේ
පැරකුම් Friday, 27 December 2024 05:37 AM
රාජපක්ෂලගෙන් ඉගෙනගෙන වගෙයි…!
ජෙපි ගඳයි Friday, 27 December 2024 01:34 PM
88/89 මිනිස්සු ටයර්වල දාලා ගිනි තියපු අයට ආණ්ඩුව හම්බුනාම ඉතින් පුරුදු වැඩ පටන් ගන්නවා තමයි. බලන්නකෝ අන්තිමට සියදිවි හානි කරගෙන කියලා වාර්ථාව එන්නේ නැද්ද කියලා...
පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:29 PM
තාජුඩීන් ආකාරයේ මරණයක්. තමා විසින්ම හප්පාගෙන ගිණිතියාගෙන වගේ….
B D S wijewardana Friday, 27 December 2024 04:18 PM
හිතළු අදහස් ප්‍රකාශ කරන්න එපා... හරි හැටි නොදන්නා දෙයක් ගැන කරුණු කාරණා සොයා බැලුවා නම් හොඳයි.