
(චාපා මධුභාෂිණී)
මින්නේරිය ගිරිතලේ ස්වාභාවික රක්ෂිතයේ දියබෙදුම කෝඳුරුවාව ප්‍රදේශයේ නිදන් හැරීමට ගිය පුද්ගලයන් හතර දෙනකු අත්අඩංගුවට ගත් බව මින්නේරිය ජාතික වනෝද්‍යාන නිළධාරීහු පවසති.
තවත් පුද්ගලයන් අට දෙනකු පලා ගිය බව උද්‍යාන ආරංචි මාර්ග කියයි.
පුරාවස්තු සෙවීමේ අරමුණින් අඩි 50 පමණ ගැඹුරින් යුත් වළක් හාරා තිබූ බව උද්‍යාන ආරංචි මාර්ග කියයි.
වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබූ ජෙනරේටර දෙකක්, ගල් විදීමට උපයෝගී කරගන්නා හිල්ටි යන්ත්‍ර දෙකක්, වතුර මෝටරයක්, පුපුරනද්‍රව්‍ය ( වින්චි) ගල් වෙඩි නූල්, වතුර බට, වයර්, ගල් කපන මැෂිමක්, ජංගම දුරකථන අටක් සහ කඳවුරු භාණ්ඩ රැසක් වැටලීම සිදුකළ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් මසකට අධික කාලයක් මෙම ස්ථානයේ රැදී සිට ඇති බව වටලීම සිදු කළ නිළධාරීන්ට අණාවරණය වී ඇත.
අත්අඩංගුවට පත් සැකකරුවන් මනම්පිටිය, අරලගංවිල, බෙලිඅත්ත, මීගමුව, දඹුල්ල, දියබෙදුම යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව උද්‍යාන නිළධාරීන් කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd