
(සිතුම් චතුරංග සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මන්නාරම, අඩම්පන් මුල්ලිකන්ඩායි මංසන්ධිය අසලදී කිසියම් අයකු සිදුකළ වෙඩි තැබීමකින් යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි අඩම්පන් පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයටපත්ව ඇත්තේ මන්නාරම පෙරියමඩු , උයිලංකුලම පදිංචි කනපති කාලිමුත්තු සහ ජේසුදාසන් අරුන්දවරාසා නැමති අවුරුදු 46 ක් හා 52 ක් අතර වයසේ පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය සඳහන් කරයි.
යතුරුපැදියකින් ගමන්ගත් දෙදෙනෙකු ඉලක්කකොට පිස්තෝලයක් භාවිතා කරමින් මෙම වෙඩි තැබීම සිදුකොට ඇති බවට අනාවරණයවූ බවත් පොලිසිය පවසයි.ෙ
මීට පෙර එම ප්‍රදේශයේ සිදුවු ඝාතන සිද්ධියක් මුල් කර ගනිමින් දෙපිරිසක් දීර්ඝ කාලයක සිට ආරවුල් තිබූ බවත් එම ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස කිසියම් අයකු මෙම වෙඩිතැබීම සිදුකොට ඇති බවට පොලිසිය සැක පළ කරයි.
වෙඩිතැබීමෙන් යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනා එම ස්ථානයේදීම මියගොස් ඇතැයිද පොලිසිය පැවසීය.
----------------------------------------------------------------
(ඉන්දිකා රාමනායක)
මන්නාරම මුල්ලිකණ්ඩාල් ප්‍රදේශයේදී අද (24) පෙරවරුවේ පුද්ගලයන් දෙදෙනකුට වෙඩිතබා ඝතනය කර ඇති බව පොලිසය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 55 හා 47 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය පවසයි.
රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනකු මියගොස ඇති බවට පොලිසිය ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන සිදුකිරීමේ දී මෙම රියඅනතුරක් නොව වෙඩි තැබීමක් බවට හෙළි වු බව පොලිසිය පවසයි.
පාළු ස්ථානයක මෙම වෙඩි තැබීම සිදුව ඇති හෙයින් කුමණ අයුරින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මන්නාරමේ වෙඩි තැබීමක්: දෙදෙනෙක් මරුට