IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මන්නාරම රෝහලට අනවසරයෙන් අතුළුවු වෛද්‍යවරයකු අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

මන්නාරම රෝහලට අනවසරයෙන් ඇතුලුවී වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධා කරමින් හැසිරුණු චාවකච්චේරි  රෝහලේ හිටපු වෛද්‍ය අධිකාරීවරයා අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.

මන්නාරම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා මියගිය එක්දරු මවක් සම්බන්ධයෙන් සහ මන්නාරම රෝහලේ පවතින ගැටළු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා වෛද්‍ය අධිකාරීවරයා එලෙස මන්නාරම රෝහලට පැමිණ තිබුණි.

එම අවස්ථාවේ වෛද්‍යවරයා මන්නාරම රෝහලේ සේවයකරන වෛද්‍යවරුන්ගේ රාජකාරියට බාධාකරමින් සහ රෝහල තුල නොසන්සුන් තත්වයක් ඇතිවන ආකාරයෙන් ක්‍රියා කිරීම සම්බන්ධයෙන් රෝහල් පරිපාලනයෙන් ලැබුණ පැමිණිලි මත එලෙස ඔහු අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.

චාවකච්චේරි රෝහලේ ඇතුළු උතුරු පළාතේ රෝහල් රැසක සිදුවන අක්‍රමිකතා සම්බන්ධයෙන් දිගින් දිගටම සමාජ මාධ්‍යන් ඔස්සේ අනාවරණයන් සිදුකළ වෛද්‍යවරයකු වන අතර එම ප්‍රකාශ සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ විරෝධතාවයන් සමඟ ඔහු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ස්ථානමාරුකරනු ලැබීය.

මියගිය එක්දරු මව දරුවකු ප්‍රසූතකිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී අධික රුධිර වහනයවීම හේතුවෙන් මියගොස් සිටි අතර ඒ සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ ඥාතීන් විසින් ප්‍රතිකාරකළ රෝහල් වෛද්‍යවරුන් සම්බන්ධයෙන් සැකයක් පවතින බවට රෝහල් අධ්‍යක්ෂවරයා වෙත පැමිණිලි කොට තිබුණි.

 



අදහස් (3)

මන්නාරම රෝහලට අනවසරයෙන් අතුළුවු වෛද්‍යවරයකු අත්අඩංගුවට

නිලූෂා Sunday, 04 August 2024 03:45 PM

ඔහොම තමන්ගේ වැරදි හංගලා තමා අපේ අය ලෝකෙ හොඳම අය කියලා පම්පෝරි ගහන්නේ. වැරදි හොයන්න අවොත් ස්ට්‍රයික්.

:       0       0

පණ්ඩිත Monday, 05 August 2024 08:17 AM

පරීක්ෂණ කරන්න විධිමත් ක්‍රමයක් තියෙනවා ඒක එක් එක් අයට අවශ්‍ය ආකාරයට කරන්න බැහැ විධිමත් අවසරයක් ඇතුව පරීක්ෂණ සදහා පත්කිරීම ලැබූ කෙනෙකුට පමණයි කරන්න පුළුවන් වෙන්නෙ එහෙම ගියා වුනත් රෝහලේ පාලනාධිකාරිය දැනුවත් කර යන්න වෙනවා

:       0       2

Devni Monday, 05 August 2024 08:07 PM

අනීතිකව ඇතුල් වීම වැරැදියි. ඒක හරි. නමුත් මෙතැන ඊට වඩා අපිට හිතන්න දෙයක් තියනවා. ඒ වෛද්‍යතුමාට තිබුණේ ඕකට රෝහලට යන්නේ නැතුව මාධ්‍ය දැනුවත් කරන්න. මැතිවරණ උණුසුම තියන වෙලාවක මිනිස්සුන්ට මේ දේවල් ගැන ගානක් නැතිවෙන්න පුළුවන්. ඒත් මේ වගේ අකටයුතුකම් වෙනුවෙන් තමන්ට පුළුවන් අයුරින් කැපවෙන වෛද්‍යවරුන් රටට සම්පතක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site