(නිමන්ති රණසිංහ)
කර්මාන්ත හා වාණීජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතාගේ සොහොයුරා වූ උතුරු මැද පළාත් පළාත් සභා මන්තී‍්‍ර රිෆ්ඛාන් බදියුදීන් මහතා විසින් රුපියල් ලක්ෂ 240ක් වටිනා මන්නාරම තෙලෙයිමන්නාරමේ පිහිටි අක්කර 40ක ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා අත්පත් කර ගත්තැයි කියන සිද්ධියකට අදාළ සාක්ෂිකරුවන්ගේ සම්පිණ්ඩන වාර්තාවක් ලබන අගෝස්තු 22 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැදවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් විණී.
මෙම සිද්ධියේ රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ නවරත්න බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් සදහන් කර සිටියේ තම සේවාදායකයා මෙම සිද්ධියේ අගතියට පත්වී ඇති බැවින් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිට කරුණු ඉදිරිපත් කිරීමට අවසර ලබා දෙන ලෙසය.
මෙම සිද්ධියේ අගතියට පත්වී ඇත්තේ මුල් පැමිණීලිකරු විනා එම ඉඩමට බලෙන් ඇතුළු වූ රිෆ්ඛාන් බදියුදීන් නැමැත්තා නොවන බැවින් අගතියට පත් පාර්ශවය ලෙස සළකන ලෙස කරන ලද ඉල්ලීම ප‍්‍රතික්ෂේප කරන බව මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය සිය නියෝගය ප‍්‍රකාශයට පත් කරමින් පැවසුවාය.
එසේම, මේ වන තෙක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් නොකළේ මන්දැයි අද (18) මහෙස්ත‍්‍රාත්වරිය එම දෙපාර්තමේන්තුවෙන් විමසුවාය.
මෙම සිද්ධියට අදාළ රිෆ්කාන් බදුර්දීන් සම්බන්ධයෙන් මන්නාරම ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන් වාර්තා කැඳවූ බවත් එහිදී ඉඩම් 23කට අදාළ තොරතුරු වාර්තා වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි එදා කොමිසම හමුවේ කිවේ රිෂාඩ් බදුයුදීන්ට ඉඩම් නෑ කියල, තියනවානම් ඔක්කොම රජයට පවරගන්න කියල. දැන් ඉතින් ඔය ඔක්කොම ඉඩම් විල්පතුවත් ඇතුළුව රජයට පවරගන්න තමයි තියෙන්නේ.
ඇයී රජයේ තක්සේරුව මෙච්චර අඩු, අක්කරේ රු 60,000 යි, පර්චස් එකක් වෙන්නේ රු 375 යි.
මොකටද බොරුවට උසාවියේ කාලේ නාස්ති කරන්නේ