
(සුජිත් හේවාජුලිගේ)
තමන් සමඟ දේශපාලන කටයුතුවලට සම්බන්ධ වන ලෙසට ඉදිරි මහ මැතිවරණ සටනින් ඉවත් වූ හිටපු අමාත්‍ය සහ සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාට දේශපාලන පක්ෂ දහයකින් ඇරයුම් ලැබී ඇත.
සමහර දේශපාලන පක්ෂ නායකයන් පසුගිය දින කිහිපයේදී ඔහුගේ නිවෙසටම පැමිණ මෙසේ ආරාධනා කර ඇත.
වසර විස්සක් තිස්සේ දැරූ ගම්පහ ආසන සංවිධායක ධූරය නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු පක්ෂ නායකත්වය තමාට නොදන්වා හොර රහසේ ඉවත් කිරීමෙන් තවමත් දැඩි ලෙස පීඩනයට පත්ව සිටින හෙයින් ඒ ඇරයුම් සම්බන්ධයෙන් මෙතෙක් කිසිම තීරණයක් ගෙන නැතැයි අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ඡන්දයට ඉදිරිපත් නොවූවත් ගම්පහ සමඟ ජන ජන බලවේග ලැයිස්තුවේ අංක 10 යටතේ තවමත් සිටින තත්වය යටතේ වෙනත් පක්ෂවලට සම්බන්ධවීම සදාචාරාත්මක නොවන කාරණයක් බව තමාගේ හෘද සාක්ෂිය පවසන්නේ යැයිද ඔහු කීවේය.
මාන්නප්පෙරුම මහතා පක්ෂ නායකත්වය විසින් සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ධූරයෙන් පසුගියදා ඉවත් කරනු ලැබීය. පක්ෂ නායකත්වය ගත් එම තීරණයෙන් පසු මැතිවරණ සටනින් ඉවත් වීමට ඔහු තීරණය කළේය.
එසේ තීරණය කරීමෙන් පසු ඉදිරි මහ මැතිවරණයේදී තමාට ඡන්දය දීමෙන් වළකින ලෙස ඔහු පසුගියදා ජනතාවගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලීමක්ද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔබතුමාගේ සදාචාර සම්පන්න බව සහ ඔය ගත්ත තීරණය තමා පිළිබඳව ඇති අධිතක්සේරුව , පසුගිය ජනාධිපජනාධිපතිවරණයේ දී ගම්පහ දිත්‍රික්කයේ ඉතාමත් ම හොඳින් කැපී පේන්න තිබුණා නේ. පක්ෂයකට යම් යම් නීරස තීන්දු ගන්න සිද්ද වෙනවා. චුට්ටක් පාඩම් ඉගෙන ගන්න පක්ෂයට අලුතෙන්ම එකතු වූ උගත්බුද්ධිමත් ජනප්‍රිය අය තමන්ගේ තත්ත්වය පැත්තකින් තියලා පක්ෂයේ සහ පක්ෂනායකයාගේ සැඟවුනු ගුණයන්, දක්ෂතාවයන් , හැකියාවන් , සුදුසුකම් සොය සොයා උලුප්පා පෙන්වමින් මොනතරම් සේවාවක් කරනවාද කියා පක්ෂයට, නායකයාට වටිනාකමක් දීලා දිනවන්න. ඒ අනුව තමා දෙස හැරී බලන්න. තාමත් ප්‍රමාද නැහැ කැමති නම් ගත් තීන්දුව පිටිපස්සට ගන්න. ඔයිට වඩා රටට මොන තරම් සේවයක් කළ ප්‍රතාඵවත් කෙනෙක්ද ෆීල්ඩ්මාෂල් සරත්ෆොන්සේකා මහතා, එතුමා ගත් වැරැදි තීන්දුව නිසා පාඩුව වුණේ රටට.