
(අමදෝරු අමරජීව)
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැකගත හැකියි.
දශක තුනකට වැඩි කාලයක් ලංකාවේ සීනි පරිභෝජනයට විශාල දායකත්වය දැක්වු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව 1993 වසරේ කන්තලේ සීනි කම්හල පෞද්ගලීකරණය කිරීම හේතුවෙන් පැන නැගුණු සේවක විරෝධතා හමුවේ වසා දැමීය.
කම්හලේ එවකට සක්‍රීය මට්ටමේ තිබු යන්ත්‍ර සූත්‍ර මේ වන විට දිරාපත්ව අභාවයට යමින් පවති. ලොව පළමු ඇගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට චොකොස්ලෝවැනියානු රජයෙන් ලැබුණු ත්‍යාගයක් ලෙස 1960 ඔක්තෝබර් 02 දා ආරම්භ වු මෙම සීනි කම්හලේ මැද භාගය වනවිට ස්ථිර හා අනියම් සේවකයෝ 4300 ක් සේවය කළහ.
කම්හලට වාර්ෂිකව සීනි නිෂ්පාදනයට අවශ්‍ය වන උක් වගා කිරිම සදහා සීනි කම්හල අවට අක්කර 21333 රෑඩ් 02 පර්චස් 30 ක උක් වගා කරනු ලැබ තිබුණි.
මේ සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දුන් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඇරුන් හේමචන්ද්‍රා මහතා සීනි කම්හල විවෘත කිරිම සදහා අපේ රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් අරන් තියෙනවා. ඊට පෙර භූමිය නිදහස් කර ගැනිමල වගා සදහා ජලය ලබාගැනිම තිබෙන පරණ යන්ත්‍ර සූත්‍ර ඉවත් කර ඒ සදහා නවීන යන්ත්‍ර සුත්‍ර සවි කිරිම මුලින්ම අපි සිදුකළ යුතුයිගඒ වගේම පසුගිය රජය කාලයේ ආයෝජකයකු සමග ඇතිකරගත් ගිවිසුම සොයාබැලිය යුතුයි.
කෙසේ වෙතත් අපේ රජයෙන් සීනි කම්හල විවෘත කිරිමට අවශ්‍ය කටයුතු ආරම්භ කිරිමට බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය
වත්මන් රජයෙන් මෙම උක්වගා භුමියෙන් අක්කට 11000ක් කෙටිකාලීන බෝග වගාව සදහා තාවකාලිකව මුදාහැර ඇති අතර නව රජය යටතේ මෙම සීනි කම්හල යළි නිෂ්පාදන සදහා විවෘත වනු දැකීම බව කන්තලේ වැසියන්ගේ බලාපොරොත්තුවයි. කම්හල සතුව භෞතික සම්පත් පවතින බැවින් නවීන යන්ත්‍රෝපකරණ සවිකර යළි උක් වගා කර මෙය ආරම්භ කිරිමට වඩා සුදුසු බව සියලු දෙනාගේ මතය වී තිබේ
දැනට උක් වගා භූමියෙන් කොටසක් අනවසර වගාකරුවන් ආක්‍රමණය කර ඇති අතර එය නවතා දැමීමට නම් කම්හල යළි සක්‍රීය මට්ට්මකට ගත යුතුව ඇතැයි බෝහෝ දෙනාගේ මතය වි තිබේග වසර ගණනාවක් කම්හලේ සේවය කළ ඇතැම් සේවකයෝ කිහිප දෙනෙකු කම්හල වැසි ගියද තවමත් නිල නිවාසවල රැදි සිටින අයුරු දැකගත හැකිය





2025 දෙසැම්බර් මස 18
636
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙන්න මහා අපරාධයක්
Aruna Monday, 25 November 2024 05:52 PM
ඔය අපරාදේ කළ අය බලේ ඉන්න කොටවත් ආයේ මෙහෙම නොකරන්න හිතාගන්න..
pjTuesday, 26 November 2024 01:53 AM
දැන් සද්දේ දැම්මාට මේ අයත් පාර්ලිමේන්තුවේ හිටියේ ඇස් වහගෙනද? ඇයි සටන් කළේ නැත්තේ මේවා බේරගන්න. ට්‍රාන්ස්ෆෝමර් බස් ගිනිතැබීමත් මීටවඩා දරුණු අපරාධ.
Ruwan De Silva Monday, 25 November 2024 06:13 PM
සිංගප්පූරුවට ලංකාව වගේ භූමියක් තිබ්බා නම් අද ලෝක බලවතෙක්...
සමන් Monday, 25 November 2024 08:39 PM
ඔය කර්මාන්ත ශාලාව පටන් ගත්තොත් රටම ගොඩ...!
පිටරටවැසියා Tuesday, 26 November 2024 12:08 AM
ඇත්ත අපරාදය කලේ පුද්ගලිකකරණය කරපු රජයන්... ලාභ ලබන රාජ්‍ය ආයතන කුණු කොල්ලයට, දේශපාලන හිතවතුන්ට විකුණුවා විතරක් නෙමෙයි, ඔවුන්ට ඒවා මිලදී ගන්න රාජ්‍ය බැංකුවලින් බිලියන ගණන් ණය දුන්නා. පස්සේ දීපු ණයත් බොල්ණය කියලා කපා හැරියා. සෙවණගල සීනි සමාගම, දයාට විකුණනකොට එකේ ගබඩාවල තිබ්බ සීනිවල වටිනාකමටත් වඩා අඩුවෙන්ලු විකුණුම්මිල තක්සේරුකරලා තිබුණේ. වේරහැර ලංගම බස්බොඩි හදපු සමාගම, රවීට විකුණනකොට එකේ ගබඩාවල තිබ්බ අමතර කොටස්වල වටිනාකමටත් වඩා අඩුවෙන්ලු විකුණුම්මිල තක්සේරු කරලා තිබුණේ. චන්ද්‍රිකා, ගෑස් සමගම විකුණන කොට, වසර පහක් මිල පාලනයෙන් නිදහස්කරලා ජනතාව හූරාගෙන කන්න දුන්නා. කරුවල ජයසුරිය IOC ගේනකොටත් එහෙමයි. මේ ඔක්කෝම දේශපාලකයින්ගේ අතයට ගණුදෙනු. රට බංකොළොත් වුණා... දේශපාලුවන් සහ ඔවුන්ගේ හෙන්චයියන් පොහොසත් වුණා.
swene Tuesday, 26 November 2024 06:40 AM
අවුරුදු 30ක් තිස්සේ කර්මාන්ත අමාත්‍යාංශය මොනවාද කලේ ? අමාත්‍යංශ විෂයට ඔය කම්හල ඇතුළුයි නේද ? පඩි සහ වරප්‍රසාද ගත්තා විතරද ? ඇමැතිලා එන්නත් ඇති. පරම්පරාවම සැප විඳින්නත් ඇති. ඇමැති ලේකම් ඇතුළු කාර්ය මණ්ඩයත් පඩි නඩි සහ වෙනත් දේ ගන්නත් ඇති.
fairoos Tuesday, 26 November 2024 12:16 PM
මෙහෙමත් අපරාධකාරයෙක් අම්මපා...