IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මන්නා පහරක් දෙන්න ගිය සැකකරුට පොලිසියෙන් වෙඩි

(ඩී.ජී.සුගතපාල සහ චන්ද්‍රසිරි ගුණසේකර)

ඌරගස්මංහන්දිය ඌරගහ කළුවලගොඩ ප්‍රදේශයේදී සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහරදී පළායාමට උත්සාහ කරද්දී පොලිසිය තැබූ වෙඩිපහරකින් සැකකරු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

වෙඩි වැදිමෙන් තුවල ලබා ඇත්තේ ඌරගස්මන්හන්දිය කලුවලගොඩ පදිංචි  යුද හමුදාවෙන් ඉවත් කළ අයකු බව ද පොලිසිය සඳහන් කරයි.

දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදී කඩුවකින් පහරදි පුද්ගලයකුට තුවාල සිදු කිරිම සම්න්ධයෙන්  සැකකරු අත් අඩංගුවට ගැනිමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින්ට මන්නා පිහියකින් පහරදිමට උත්සාහ කර තිබේ.

එවිට වහා ක්‍රියාත්මකවු සැරයන්වරයකු රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබා ඇති අතර වෙඩි පහර සැකකරුගේ පාදයකට වැදි තුවාල සිදුව ඇත.පසුව සැකකරු ගිලන් රියකින් රෝහලට යවා ඇත.

 



අදහස් (1)

මන්නා පහරක් දෙන්න ගිය සැකකරුට පොලිසියෙන් වෙඩි

Bunny Preena Monday, 26 June 2023 11:13 AM

හමුදාවෙන් ඉවත් කළා කියන්නේ මොහු හොඳ විනයගරුක පුද්ගලයෙකු නොවන කෙනෙකු සහ වෙනත් යටි අරමුණු ඇතුව හමුදාවට බැඳුනු කෙනෙකුන් නිසයි .වෙඩි පහර කකුලේ නොවැදී වෙන තැනක වදින්න තිබුනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site