IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මෙන්න පණ දෙනවා නම් තැන්

(රෝහණ සමරවීර)

ඇඹිලිපිටිය ගොවීන්ගේ වී ඇතුළු ධාන්‍ය වර්ග වියළා තබා ගැනීම සඳහා ගබඩා කිරීමේ අරමුණ ඇතිව රුපියල් තිස් අට කොටියක ව්යමක් දරා ඉදිකළ ධාන්‍ය සුරකුම් මධ්‍යස්ථානය හා එහි කෝටි ගණනාවක් වටිනා යන්ත‍්‍ර සූත‍්‍ර කිසිම ප‍්‍රයෝජනයකට නොගෙන මේ වනව්ට විනාශයට පත්වෙමින් පවතින බව ගොවීහු පවසති.

පසුගිය යහ පාලන ආණ්ඩුවේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් එවකට අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ අමාත්‍ය වරියගේ සහගාගිත්වයෙන් 2018 ඔක්තෝබර් මස 19 දින උත්සවශ‍්‍රීයෙන් මෙය විවෘත කරනු ලැබීය.

දහසක් බලාපොරොත්තු ගොවි ජනතාවගේ සිත් තුළට ඇතුලත් කරමින් බලධාරීන් එය ව්වෘත කළද වර්තමානය වන විට එය කිසිම ප‍්‍රයෝජනයකට නොගෙන අතහැර දමා ඇති බව ඇඹිලිපිටිය ගොවීහු සදහන් කරති

එම මධ්‍යස්ථානයේ කොටස් කීපයක් 2021 වසරේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ කුළු බඩු හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන අළෙවි කර්මාන්ත ශාලාවක් හා ගබඩා සංකීර්ණයක් පවත්වාගෙන යාම සදහා වසර තිහක කාලයකට බදු පදනම යටතේ පවරා දී ඇතැයිද ඔවුහු කියති.

පසුව වැවිලි අමාත්‍යාංශයේ වැඩ කටයුතු සදහා ගොඩනැගිළි තුනක් එම පරිශ‍්‍රයේ ඉදිකිරීම සදහා රුපියල් කෝටි විස්සකට අධික මුදලක් වැයකර ඇති අතර එම ගොඩනැගිළිවලින් ගොඩනැගිළි දෙකක් ඉදිකර ඇති අතර එක් ගොඩැනැගිල්ලක ඉදිකිරීම් කටයුතු අතරමග නවතා දමා ඇති බවත් එය කැලෑවට යටවී ඇතියි ඔවුහු කරුණු දක්වමින් පවසති.

 



අදහස් (0)

මෙන්න පණ දෙනවා නම් තැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 44 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 713 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site