(නිමල් ජයරත්න)
පොලොන්නරුව අරලගංවිල සිට ඇඟලුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයකට මනම්පිටිය කුඩාවැව ප්‍රදේශයේදී මන්ද මානසික කාන්තාවක එල්ල කළ ගල් ප්‍රහාරයකින් බේරීමට යාමේදී එම බස් රථය ගසක ගැටී සිදු වූ අනතුරකින් 13 දෙනකු තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
මන්ද මානසික කාන්තාවක් බස් රථයට ගල් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, බස් රථය රියදුරට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇත.
මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ පොලොන්නරුව ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තයක සේවය කරන සේවිකාවන් දොළොස් දෙනෙකු සහ බස් රථයේ රියදුරු බව පරීක්ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි, බස් රථයට ගල් ගැසූ බව කියන මන්ද මානසික කාන්තාවද දිගු කලක සිට අරලගංවිල රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්නා අතර ඇයද මේ වෙනවිට රෝහල් ගත කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ නෝනේ, ඔය අහිංසක දරුවන්ට ගල් ගහන්නේ නැතිව අර දියවන්නාවට යන හොරුන්ට ගහන්නකෝ. ඔයා ගල් ගැහුවා කියලා එයාලාට නඩු දාන්නත් බැහැනේ...