
(අංජුල මහික වීරරත්න)
ජාජබ ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන ලබා දෙන්නේ නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන්නේ නැති වුවත් මන්ත්‍රීවරුන්ගේ රාජකාරී කටයුතු කරගෙන යන්නට ආණ්ඩුවෙන් වාහනයක් දෙන්න සැලසුම් කරලා තිබෙන බව නලින්ද ජයතිස්ස මහතා කීය.
මන්ත්‍රී ධුරයේ කාලය අවසන් වූ පසු එම වාහනය නැවත රජයට බාරදිය යුතුව තිබෙන බවද අමාත්‍යවරයා කීය.
විදෙස් සංචිතවලට බලපෑමක් නොවන පරිදි සුපරීක්ෂාකාරී අයුරින් වාහන ආනයනය කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු දෙනාට ඩබල් කැබ් රථ අලුතින්ම ආනයනය නොකරනවා නම් හොඳයි. එහෙම වෙන තත්ත්වයක් පේන්න තියෙනවා.
අලුතෙන් වාහන ගෙන්වන්න අවශ්‍යතාවයක් නැහැ. අර ගාලු මෝදර ගාල් කරපු සහ අමත්‍යාංශවල ඕනෑතරම් තිබෙනවා. ජනතාව වන අපිට අලුත් වාහනවල යන්න අවස්ථාවක් නැතිකොට ජනතා සේවකයින් වන මොවුන්ට අලුත් වාහන අවශ්‍ය නැහැ.. අපි කරනවා වගේ රටේ තියෙන දෙයක් භාවිතා කරන්න...
ඉතාම හොඳ තීරණයක්. පර්මිට් අරගෙන ඒවා විකුණලා සල්ලි හම්බ කරපු අයට නම් දැන් සැපයි නේද?
ඉන්දියාවේ නිෂ්පාදනය කරන skorpio ජීප් රථය බැගින් ලබාදීමට යෝජනා කරමි. ඒවා ලංකාවේ මාර්ගවලට ගැලපෙන අතර අමතර කොටස් ඇති පමණ තිබෙන අතර මිලත් අඩුයි...