
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනතාවට සේවය කිරීමට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටදැයි දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
එසේම හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී ඇති විශ්‍රාම වැටුපද අහෝසි කළ යුතු බව හෙතෙම සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයට සහභාගි වෙමිනි.
අවුරුදු තිස් එකක් වයස තමාට විශ්‍රාම වැටුපක් අවශ්‍ය නොවන බවද ඔහු ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් විශ්‍රාම වැටුප නැති කළහොත් සමහර මන්ත්‍රීවරුන් බලයේ සිටියදී විවිධ දූෂණ ක්‍රියාවලට වැඩි වශයෙන් යොමු විය හැකි බවත් පසුගියදා පැවැත්වුණු එක්තරා සාකච්ඡාවකදී එවැනි සූදානමක් ගැන කතාවක් සිදුවී ඇතැයි තමාට දැනගන්නට ලැබුණු බවත් රාසමාණික්කම් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිකමටත් සුදුසු මෙතුමා පාර්ලිමේන්තුවේ සිටියම යුතු කෙනෙක් .භාෂා තුනම චතුර ලෙස පුළුවන් .ඇත්ත ඇති සැටියෙන් කතා කරන කෙනෙක් /නියම ශ්‍රී ලාංකිකයෙක්
ඒ සේවය කරන්න හිතලා ආවා නෙමේනේ .දැන්එන උදවිය එන්නේ තමන්ගේ මදිය තර කර ගන්න නේ .ඒ න්සිආ වෙන්න ඇති ජේ ආර් උන්නැහේ විශ්‍රාම වැටුප දෙන්න හිතුවේ
ඔව්, දැන් ඔය දේශපාලනය කරන නිළියන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නේ මොනවා කළාටද?
අපෙන් ද ඒකත් අහන්නේ.මෙයත් පහුගිය කාලේ එක පාරටම මංපොර කතා කියන්න රුසියෙක් උනා.ඕක අපිට කිය කියා ඉන්නේ 225ම එකතුවෙලා අහෝසි කරනවලකෝ.
ඔබ වැනි උගත් තරුන ජවයක් අපිට අවශ්‍යයි. හොරු සහ හොර උගත්තු ප්‍රතික්ශේප කරමු.
නැහැ... විශ්‍රාම වැටුපක් අවශ්‍ය වෙන්නේ නැතිනම් මන්ත්රීකාලේ හොරකම් කරපු, පගාගහපු සල්ලි.. මන්ත්‍රීකම නැතිවුණායින් පසුව වියදම් කරන්න ක්‍රමවේදයක් නැතිවෙනවා. එකම නිදහස විශ්‍රාම වැටුප...
ඒකනම් සම්පූර්ණ ඇත්ත...
ඇත්තමයි.. ඔබ වගේ කෙළින් කතාකරන තව 4ක්, 5ක් ඔතන හිටියා නම් මේ අයව මට්ටු කරන්න තිබ්බා.. කොහෙද ඉතින් අර එක්කෙනෙක් වහලෙ කැඩිලා, අරක, මේක කිය කිය අඬන්නේ කිසිම විලි ලැජ්ජාවක් නැතිව...
ඔබ ද්‍රවිඩ ජාතිකයෙක් වුණාට, ඉතාම වටිනා අදහසක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබතුමාට සුබ පතමි..
ඒ මිනිස්සු තමන්ගේ සේසතම වියදම් කරලා ජනතා සේවය කරලා අන්තිමට එතුමන්ලාට ජීවත් වෙන්න යම් දීමනාවක් දෙන එක අපේ යුතුකමක්...
ඇත්තටම,පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ට විශ්‍රාම වැටුපක් කුමකටද නේද ? තියෙන සුර සැප සම්පත් හොඳටම ප්‍රමාණවත්.
පැරදුණාම ගසාකාලා හොයාගන්න විදියක් නැති නිසා අනාගතයේ දැක්ම ගැන හිතපු සත්ගුණවත් නායකයෙකුගේ වැඩක්...
මේ රාසමානික්කම් තරුණ මන්ත්‍රීවරයාට සිංහල චතුර ලෙස පුලුවන් අපේ අයවැය කියපූ කෙනාට වැඩිය....
විශ්‍රාම වැටුප් ලැබීමට නියමිත ඩබ්ලිව් දහනායක, චෙල්වනායගම්, ටී බී ජයා වැනි සාමාජිකයන් දැන් නැත!