
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි සෘජුවම විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මත විමසුමකින් ඉහළ ප්‍රතිශතයක් ලැබුණා යැයි රජය උද්දාමයට පත්ව තිබෙනවා.රජය ජනප්‍රිය යැයි ඔය තරම් හිතනවා නම් පළාත් සභා මැතිවරණය පවත්වන්න.කමිටු දාගෙන, තේරීම් කාරක සභා දාගෙන විවිධ උපක්‍රම උපයෝගී කරගෙන පළාත් සභා මැතිවරණය කල් දාන්නේ ඇයි?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් තිබිය යුතු යැයි අප සෘජුවම විශ්වාස කරනවා.අප ඒ පදනමේ බොහොම ශක්තිමත්ව සිටිනවා.ලෝකයේ ප්රජාතන්ත්රවාදී රටවල් වල මහජන නියෝජිතයන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්නේ ප්‍රධාන හේතුවක් නිසයි.අල්ලස සහ දූෂණය අවම කිරීම එහි අරමුණයි.තම කාල වකවානුවෙන් පසුව මන්ත්‍රීවරුන්ට යම් සමාජ ආරක්ෂණයක් ප්‍රතිපත්ති සම්පාදකයන්ට ලබාදීම එහි අරමුණයි. යනුවෙන්ද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයී, හොරා කනවා මදිවාටද? ඔච්චර අමාරුවනම් දේශපාලනේට එන්නෙපා
අවුරුදු තිහක්වත් බලය අනිසි ලෙස යොදල බැංකු ගිණුම් තරකර ගන්නැතුව, දේපල හම්බකරන්නැතුව සේවය කෙරුවොත් සලකා බලන්න පුලුවන්.
චන්දයක් ආවොත් හිතාගෙන ඇති දිනන්න පුළුවන් කියලා… බයියෝ ටොයියෝ ඔක්කොම දැන් ඉවරයි.
රටට කිසිම සේවයක් නොකරපු මෙයාගේ මවත් මෙච්ච්චර කල් ජීවත් වුනේ රටේ මහජන මුදලින්. දැන් මෙයාත් උත්සාහ කරන්නේ එහම ජීවිතයක් ගත කරන්න.
රට ඉන්න අපිටත් ඕනි විශ්‍රාම වැටුපක්. අට පාස් අය පාර්ලිමේන්තු හගිහින් ගන්නවන්ම් ඇයි අපිට බැරි
මෙයාට හරි උවමනාවක් තියෙනව විශ්‍රාම වැටුපක් ගන්න.. ඇයි මෙයාට වෙන රස්සාවක් කරන්න උගත් කමක් නැහැනේ.. රාජ්‍ය සහ පුද්ගලික අංශ වල සේවය කරන අයට දෙන විදියට අවුරුදු 35 ක සේවය කරල අවුරුදු 55 න් පස්සෙ දුන්නට කමක් නෑ. ඒත් මේ ගොයියල කරන සේවයක් නෑනෙ. හැම එකාම ඕකට රිංගුවට පස්සෙ කරන්නෙ දුෂණ වංචා වලින් කෝටි ගනන් හම්බ කරන එකනේ.