(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ ඉන්ධන දීමනා මසකට ලීටර් 5 කින් අඩු කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අයවැය කතාව කථාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.
සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ම විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 5 කින් වැඩි කරන බවද මුදල් අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලීටර 5ක්? ලීටරයක් කියන්නේ කොච්චරක්ද කියලා දන්නවද දන්නේ නැහැ...?
අනේ මන්දා මුළු සර්වාංගෙම හිරි වැටුණා... ලීටර් 5 කියන්නේ සුලුපටු ප්‍රමාණයක්ද? හත්දෙයියනේ අගහරු ලෝකෙට " V8 එකකින් 5 වතාවක් ගිහින් එන්න පුළුවන් තරම් ප්‍රමානයක්නේ... දැන් මේ උසස් ගොන්තඩියන් ටික පැට්‍රල් නැහැ වැඩට යන්න කියලා ගෙදර ඉඳියි..
ලීටර 5ක්ම ... බුදු අම්මෝ ඒකනේ කියන්නේ මෙයාට මොල 7ක් තියෙනවා කියලා.
නියමම අදහසක්... ලොකු මුදලක් ඉතිරි කරලා නේද?
බුදු අම්මෝ කොයි තරම් දුරදක්නා නයකයින්ද අපේ රටේ ඉන්නේ...? මට සිහි නැතිවෙන්න හදන්නේ සතුටට...
නිලධාරියෙක්ට මාසයකට ලීටර් 180ක් හිමියි... ඇමැති කෙනෙකුට මාසයකට ලීටර් 225 බැගින් වාහන 03කට 225×3 = 675 හිමියි... කපා දමන්නේ ලීටර් 05 හොඳයි නේද ක්‍රමය... ?
ඉන්ධන වලින් ලීටර් 05ක් කපලා විමධ්‍යගත මුදල් මිලියන පහක් දෙනවා.. එතකොට කවර් නොවේද?
"සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුටම විමධ්‍යගත අරමුදල රුපියල් මිලියන 5කින් වැඩිකරන බවද මුදල් අමාත්‍යවරයා කීය." ෂෝක් අනේ...