
(සුජිත් හේවාජුලිගේ )
මන්ත්‍රීවරුන් බිලිබා ගන්නා පසුබිමක රජය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට අදහසක් නැතැයි අපේ ජන බල පක්ෂය පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
මේ තත්ත්වය නිසා ජන අරගලයෙන් විසඳුමක් ලබා ගැනීමට සිදුවන බවද උන්වහන්සේ සඳහන් කළහ.
කීහිපදෙනකු හොරා කන ලද මුදල් පාවිච්චි කර මන්ත්‍රීවරුන් බිලිබා ගැනීමට දිගින් දිගටම සාකච්ඡා පවත්වන බව සඳහන් කළ උන්වහන්සේ ජනතාව එවැනි බාල වැඩවලට එකඟ නොවන බවද පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමෝම කියනවා හොරා කනවා හොරා කනවා කියල හරියට දැක්ක වගේ. මට ඒක පිළිගන්න අපහසුවක් දැනුන. විද්‍යාත්මක සාදක අවශ්‍යයි කියල හිතුන. ඒත් මම දැන් සමාජ මතයෙන් කොන් වෙලා වගේ දැනෙනවා. ඒක නිසා මමත් අද ඉඳල කියනවා රාජපක්ෂලා හොරා කනවා හොරා කනවා කියල.
පරණ පුරුදු ක්‍රමයටම වැඩ ගෙනියනවා
මේ චීවරධාරීයා රටේ විනාශයට ලොකුම දායකත්වය දුන්නෙක්. කාබනික පොහොර මේනියාවට ජනපතිව උසිගැන්වෙන ක්‍රියා ගත්තෙක්. කතා කරන්න අයිතියක් නෑ මොහුට.
ආණ්ඩුආණ්ඩුක්රම ව්‍යවස්ථාව සංශෝධනයක් කරන අවස්ථාවකදී පිල්මාරුවට තියෙන අවස්ථාව අහෝසිකිරීමට කටයුතු කලයුතුය වත්මන් ක්‍රමය ජනතා මතය හෑල්ලුවට ලක්කිරීමකි