(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතළිහකට වැඩි පිරිසක් සිය වාහනවල ඉදිරිපස වීදුරුවේ ප්‍රදර්ශනය කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දැක්වෙන ලාංඡනය ඉවත්කරගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
ඇතැම් මන්ත්‍රීවරුන් මේ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ටද දැනුම්දී ඇතැයි දැනගන්නට ඇත.
ඉන්ධන, ගෑස් සහ වෙනත් පෝලිම්වල සිටින ජනතාවගෙන් කිසියම් තර්ජනයක් ඇතිවිය හැකි හෙයින් ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස මෙම පියවර ගෙන ඇතැයි ඒ ආරංචි මාර්ග සඳහන් කරයි.
මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව බාරව සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරීන්ද මන්ත්‍රීවරුන්ට එසේ කටයුතු කරන ලෙස දැනුම්දී ඇත.
එසේම ඉන්ධන හෝ ගෑස් හෝ වෙනත් පෝලිම් හෝ ප්‍රදේශ හෝ ස්ථාන හැකිතාක් මඟහැර ගමන් කරන ලෙසටද ආරක්ෂක අංශ නිලධාරීන් මැති ඇමැතිවරුන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරනු ලබන ලංගම බස් රථ කිහිපයක්ද ඉදිරිපස වීදුරුවල ප්‍රදර්ශනය කර තිබු පාර්ලිමේන්තුව යනුවෙන් සඳහන් නාම පුවරු ඉවත් කර ධාවනය කිරිමට පියවර ගෙන ඇත.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්ත්‍රීවරුන් 70 ක් වාහනවල ’’මන්ත්‍රී ලාංඡනය’’ ඉවත් කරගෙන
Sunil Sunday, 03 April 2022 04:35 PM
ලේබල් ඉවත් කළාට කමක් නෑ. පුළුවන් නම් වරෙල්ලා ජනතාව ඉදිරියට..
Perera Sunday, 03 April 2022 04:57 PM
හෙට අනිද්දා වෙනකොට රෙදිත් නැතිව තමයි යන්න වෙන්නේ... !
fairoos Sunday, 03 April 2022 05:06 PM
ඉස්සෙල්ලම ජොන්ස්ටන්ටයි, මහින්දානන්දටයි අයින් කරගන්න කිව්වොත් හොඳයි.
චාන්දනී Sunday, 03 April 2022 05:29 PM
වාහනයේ අංක තහඩුව ගලවලා නැහැ නේද? මිනිස්සු ඒවා නොදන්නවා වෙන්න බැහැ... ඇත්තටම මෙහෙම මෝඩයින් රැලක්...!
sharm warn Monday, 04 April 2022 11:12 AM
ආ... ඇත්තද? දැන් පෝලිම්වලට එන්න වෙනවා කියලා තේරුණාද? ජනතාව පිළිගනීවි.. ජොන්ස්ටන් කාගෙද කට කැපුවලු නේද? එකත් මතක තියාගෙනම ඉන්න.