
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර නොගැනීමෙන් සමගි ජන බලවේගයේ නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයාට සිදුවූ අපහසුතාවය ගැන කණගාටුව පළ කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීය.
පාර්ලිමේන්තුවෙන් දෙන මුද්දර අලවා ලියාපදිංචි තැපෑලෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයාට යැවූ ලිපියක් කච්චේරියේ නිලධාරීන් බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් මන්ත්‍රී වරප්‍රසාද කඩවුණු බවට නිශාන් කාරියප්පර් මන්ත්‍රීවරයා සභාවේ කටයුතු ආරම්භයේදී නැගූ වරප්‍රසාද ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔහොම නිළධාරි එක්ක රට හදන්නෙ කොහොමද ඇමතිතුමෝ
රාජ්‍ය නිලධාරීන් දෙමළ සිංහල භේදයක් නැතිව අන්ත දූෂිතයි කියලා හිතාගෙන වැඩ කරන්න. රාජ්‍ය සේවය භාගයකට කප්පාදුව නොකර රටට සේවයක් ගන්න බෑ.