(ඩයනා උදයංගනී)
රට තුළ පවතින ඩොලර් අර්බුදයට ක්‍ෂණික විසඳුම් ලබාගත හැකි යෝජනා තුනක් තමන් විසින් ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු බලධාරීන්ට යොමු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
විදේශයන්හි සේවය කරන්නන් විසින් මෙරටට එවන ඩොලරයක් සඳහා රුපියල් 240ක් බැගින් ගෙවා ඔවුන් විසින් එවන මුදල් වානිජ බැංකු හරහා ගෙන්වා ගැනීම, විදේශ ගිණුම්වල මුදල් තැන්පත් කර ඇති ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයන්ට එකවර ඩොලර් ලක්‍ෂයකට වඩා වැඩි මුදලක් ලබාදෙන්නේ නම් තීරු බදු රහිත වාහනයක් ගෙන්වීමේ අවස්ථාව ලබාදීම, මෙරට ආයෝජන සඳහා ඉදිරිපත්ව, යම් යම් ගැටලු හේතුවෙන් එම ආයෝජන කිරීමට නොහැකිව සිටින විදේශ ආයෝජකයන්ගේ ගැටලු විසඳීම සඳහා මුදල් අමාත්‍යාංශය යටතේ විශේෂ බලයලත් නිලධාරියකු පත්කර එම ආයෝජන ලබාගැනීම මන්ත්‍රීවරයා විසින් ලබාදී ඇති යෝජනා වේ.
මෙම ක්‍රියාමාර්ග අනුගමනය කළහොත් මාස තුනක් පමණ ඇතුළත ඩොලර් බිලියනයක් පමණ ලබාගැනීමට හැකිවන බව ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය. ලොව බොහෝ රටවල ආර්ථික අර්බුද පැවති අවස්ථාවල ක්‍ෂණික විසඳුම් ලබාගැනීම සඳහා මෙවැනි ක්‍රමෝපායන් අනුගමනය කර ඇතැයි මන්ත්‍රීවරයා සඳහන් කළේය. මෙම යෝජනා මුදල් අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා වෙත ද යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද ශාන්ත බණ්ඩාර මහතා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අදහස්වල එතෙර ශ්‍රමිකයාට වටිනාකමක්් දී තියෙනවා. මේවා සුබවාදියි අදහස්. ඒකට අනිත් අයගෙ යෝජනා? තමන්ට හම්බ කරල දීල නිකම් කන්න සලසා දුන් ශ්‍රමිකයා අමතක කරල ජනතා මුදල් සුපුරුදු විදියට හොරාකන ක්‍රම විතරයි බැලුවෙ.