
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් කෙරුණු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (7) පස්වරුවේ සම්මත විය.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රී රවී කරුණානායක මහතා විසිනි.
යෝජනාව පිළිබඳ විවාදයේදී මන්ත්‍රීවරු සිවු දෙනෙක් අදහස් දැක්වූහ.
විවාදයේ පිළිතුරු කතාව කරනු ලැබුවේ අගමැතිනී හරිනි අමරසූරිය මෙනවිය විසිනි.
අමරසූරිය මහත්මිය මෙසේද පැවසුවාය
මේ යෝජනාව ආපු වෙලාවේ මම සතුටට පත්වුණා. මොකද විපක්ෂයේ අයත් අපි කතා කරන වෙනසත් ජනතාව ඉල්ලන වෙනසත් තේරුම් ගෙන ඒ භාෂාවම කතා කරන්න පටන් ගත්තු එකට. එහෙත් විපක්ෂයේ සමහර අය මේ වැදගත් යෝජනාවේ හරය තේරුම් නොගෙන මෙතන වෙන දේවල් කතා කළා. ඒ ගැන මම කණගාටු වෙනවා. යෝජනාවට අපේ කණ්ඩායම උපරිම සහාය දෙනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිව සිටියදී පාර්ලිමේන්තුවට වැදගත් පනත් බොහෝමයක් යෝජනා කළ අතර අවම වශයෙන් මසකට පනත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. AKD ගේ නායකත්වයෙන් යුත් මෙම පාලනයට අවම වශයෙන් පක්ෂ සාමාජිකයින් 169 ක් හෝ 2/3 බහුතරයක් සහිත කිසිඳු වැදගත් පනතක් ගෙන ඒමට නොහැකි විය. අඩුම තරමේ අගමැතිට විශ්‍රාම වැටුපවත් අයින් කරන පනත පාර්ලිමේන්තුවට ගේන්න රවීට සිද්ධ වුණා. කතා කරනවා විතරයි ක්‍රියා නෑ. ඔහ්, මට අමතක වුණා, ඔවුන් හඳුන්වන්නේ කයියනායක කියලා, ඉතින් පුදුම වෙන්න දෙයක් නැහැ.
රවි කියන්නේ හොර වැඩ කරන කෙනෙක්. කොහොමත් මේක කරන බව දැනගෙන ඉස්සර වෙලා. අපි මේ වෙනස ගැන සතුටු වෙනවා. මේ වෙන දේවල් එක්ක.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළ යුතු බවට ඉදිරිපත් අහෝසි කළ යුතු බවට ඉදිරිපත් වූ යෝජනාව JVP/ මාලිමා ආණ්ඩුවේ ජනප්‍රිය සටන් පාඨයකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප යනු ඉතාම අඩු මුදලකි. වර්තමාන ජීවන තත්වයන් මත මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුවේ. එසේ නොවුණහොත් මන්ත්‍රීවරුන් දූෂිත (ඍජු හෝ වක්‍ර) මුදල් ඉපැයීම්වල නිරතවීම වැළැක්විය නොහැකිය. දේශපාලකයාත් වෙනත් පුද්ගලයකු මෙන් සේවයක් කරයි. එමනිසා එම පුද්ගලයා දේශපාලන දිවියෙන් සමුගැනීමෙන් පසු විශ්‍රාම වැටුපක් නොමැති නම් ඔහුගේ සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවත් වන්නේ කෙසේද යන්න ගැටළුවකි. රවී කරුණානායක දශක 2කට වැඩි කලක් පාර්ලිමේන්තුවේ සිටි කෙනෙකි. ඔහුට ව්‍යාපාර තිබේ ඔහුට ආදායම් තිබේ. සහ ඔහුට දූෂිත ගනුදෙනු පිළිබඳවද චෝදනා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම ප්‍රායෝගික නොවන හුදු ජනප්‍රිය දේශපාලන සටන් පාඨයක් පාර්ලිමේන්තුවේදී සම්මත ඇති බවක් පෙනෙන්නට ඇත...
ඒ පනත ගෙනාවේත් විපක්‍ෂයෙන්. ජෙප්පන්ට කරන්න පුළුවන් මොනවද? ගෙවල් ගිනි තබන එකද?
ඡන්දෙට කලින් දැක්වූ අදහස් අනුව, හරි නම් මේ යෝජනාව එන්න ඕනේ ආණ්ඩු පක්ෂයෙන්, විශ්‍රාම වැටුප අහෝසි කළාට කමක් නැහැ නමුත් සේවය කරන කාලයේ වැටුපට අදාල EPF /ETF එක මන්ත්‍රීලාට ගෙවන එක සාධාරණයි...
මාලිමාවේ 159 ක් හිටියාට එකෙකුටවත් බැරිවුණා... තමන්ගේ පක්ෂයේ කෙනෙක් හරහා මේ යෝජනාව මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරවන්න. ඒ එකෙක්ටවත් තමන්ට හිතලා වැඩක් කරන්න ඉඩක් නැහැ. පක්ෂයේ ඉහළින් අවසරයක් නැතිව කටක් අරින්න වැඩක් කරන්න එයාලාට බැහැ. ඒ අවසරය එනකල් කට්ටිය ඔහේ උඩබලන් ඉන්නවා. වෙන එවුන් වැඩ කරනවා...
ජනාධිපති අරමුදල මුදල් කොල්ල කාපු මුන්ට මොන විශාම වැටුප්ද
පුළුවන් නම් මෙයාලා මේකත් පොදු අරමුදලකට දාගනි
මන්ත්‍රී විශ්‍රාම වැටුප කීයද? ඇත්තටම මේක අහෝසිද?
මහ දවල් මහබැංකුව කොල්ලකාපු තක්කඩින්ට මොන විශාම වැටුප්ද?
යෝජනාව හොඳයි. මහ බැංකු හොරකම් කරපුවා වල පව් ගෙවන්න හිතිලා වගේ...
මෙම යෝජනාවේ තීරණය අතීතයට බලපානවාද?
අනිවාර්යෙන්, අතීතයේදී බලපාන පරිදි සියලුම දේශපාලකයින්ගේ විශ්‍රාම වැටුප් අවලංගු කළ යුතුයි.
රවී කරන්නේ ඌරාගේ මාළු ඌරාගේ ඇඟේ තියලා කපන වැඩක්.., නැති වන්නේ අලුත් අයට පමණි.
රටම හොරාකාලා විනාශ කරන්න දායක වෙච්චි දූෂිත දේශපාලුවෝ. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ වලින් හම්බකර ගත්තු. ජනාධිපති අරමුදලෙන් ගසා කාපු, නිවාස හානි කියලා කෝටි ගණන් වන්දි ගත්ත එවුන්ට තවත් මොන විශ්‍රාම වැටුප්ද?
ඉතාම හොඳ තීරණයක්