(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
කැබති ගොල්ලෑව මැද මැදවච්චිය පළාත් පාලන ආයතනයේ බලය පිහිටුවන්නට කටයුතු කිරීම නිසා සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා තර්ජන එල්ල වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"පසුගිය මාසයේදී මිනී මැරුම් පනස් දෙකක් සිදුවී තිබෙනවා.මේ මාස අටේ මරණ ප්‍රමාණය අනෙක් කාල වකවානු සමග සැසඳීමේදී වැඩිවී තිබෙනවා. රෝහණ බණ්ඩාර මැතිතුමාට තර්ජන එල්ල වී තිබෙනවා.
විපක්ෂ මන්ත්‍රීවරුන්ට තමන්ගේ දේශපාලනය චින්තනය මත දේශපාලනය කිරීමේ නිදහස අහිමිවෙලා.ඔවුන්ට බරපතළ තර්ජන වලට ලක් වෙන්න සිදුවෙනවා. අප මේ කාරණය ජනපතිටත් දැනුම් දුන්නා.නමුත් ඒ ගැන කිසිදු විසඳුමක් හෝ ප්‍රගතියක් නෑ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් වඩා රටේ ජනතාවට අප ප්‍රමුඛත්වයක් දෙනවා. ඔවුන්ද දැඩි භීෂණයට ලක්වෙලා. කොයි මොහොතේ වෙඩි වදී ද කියලා බයේ සිටිනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මන්ත්‍රී රෝහණ බණ්ඩාරට තර්ජන එල්ල වෙලා
සෙනෙවිරත්න Tuesday, 20 May 2025 01:04 PM
තමුන්නාන්සේත් රෝහණ බණ්ඩාරගෙ අර සෙල්ලම් ලියුමෙ ලණුව කාල වගේ, ඒක පාර්ලිමේන්තුවටත් ගෙනල්ල නිකන් ජෝකර් වෙනව.
සෙනෙවිරත්න Tuesday, 20 May 2025 01:06 PM
පාතාලෙත් එක්ක ගනුදෙනු කර අයට ප්‍රවේශමෙන් ඉන්න කියන්න, උන් අවසාන ප්‍රහාරය අරඹලා වගේ.
Kamal Koyrala Tuesday, 20 May 2025 03:30 PM
පාර්ලිමේන්තුවේ කියලා වැඩක් නැහැ... ඇයි නීති මගින් කටයුතු නොකරන්නේ?
ටයරසෑපුත්‍ර Tuesday, 20 May 2025 03:50 PM
වර්තමාන දේශපාලන පාතාලයේ පියා ඔබගේද පියායි. ඊට කලින් හිටියේ චන්ඩි. සිරිසේන කුරේ සමග එක්ව සොත්ති උපාලිගේ නායකත්වයෙන් අද අපි දකින පාතාලයට ආරම්භය දීමේ කොටසක් පරම්පරාවෙන් ඔබටත් අයිතියි.