
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු සංකීර්ණයේ විදුලි බුබුළු , විදුලි සෝපාන සහ වායු සමීකරණ යන්ත්‍ර කිසිම සීමාවකින් තොරව ක්‍රියාත්මක වන බවත් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමට පෙර පාර්ලිමේන්තුව ඒ සම්බන්ධයෙන් රටට ආදර්ශයක් දිය යුතු බවත් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මුලසුනේ අවසරය ඇතුව විශේෂ ප්‍රකාශයක් කරමිනි.
විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නැයි කතානායකවරයා මේ සභාවේදී ඊයේ ඉල්ලීමක් කළ බව මෙහිදී සිහිපත් කළ තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ වැසිකිළිවල මහ දවල් පවා විදුලි බල්බ දැල්වෙමින් තිබෙන බවත් ප්‍රකාශ කළේය.
වහින වෙලාවට ජනතාව පාර්ලිමේන්තුවේ අයට හෙන ඉල්ලන්නේත් ගංවතුර වෙලාවට පාර්ලිමේන්තුව යට වෙන්න ඕන කියලා කියන්නෙත් පාර්ලිමේන්තුවට බෝම්බයක් වදින්න ඕන කියලා කියන්නේත් මෙවැනි දේවල් නිසා යැයිද ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කිවේය.
නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතා:
මම ඒ පිළිබඳව කතානායකතුමාගේ අවධානයට යොමු කරන්නම්.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd