
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මැතිසබයේදී සහ ඉන් පිටතදී පසුගිය දින කිහිපයේදී ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ ( පක්ෂ නායක රැස්වීම) විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද( 6) උදේ 8.30ට පැවැත්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග වලින් පැවසේ .
මේ කාරණය සම්බන්ධයෙන් මෙම රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ස්ථිර විසඳුමක් ලබා ගැනීමට නියමිතව ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
සමගි ජන බලවේගය ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා කතානායකවරයා අසලට ගොස් තර්ජනාත්මක ආකාරයට කටයුතු කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී පෙරේදා(4) චෝදනා කළහ.
එසේම මනුෂ නානායක්කාර මහතාට රාජ්‍ය අමාත කාංචන විජේසේකර මහතා විසින් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය අසලදී පහරදීමට උත්සාහ කරන ලදැයි කියන සිද්ධියක්ද එදින වාර්තා විය.
මේ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම මන්ත්‍රීවරුන්ට පහරදීම් ඇතුලූ හිරිහැර සිදුකරනු ලබන බවට චෝදනා කර එය වළක්වන ලෙස ඉල්ලමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සභාව වර්ජනය කර මැතිසබයෙන් පෙරේදා පිටව ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක බලු කොටුවකට වඩා අන්ත තැනක්.
පක්ෂ නායකයන් යයි කියාගන්නා නොහික්මුණු දේශපාලුවන් විසින් තම තමන්ගේ නොහික්මුණු මන්ත්‍රී හොරුන්ගේ නොහික්මුණු හැසිරීම් පිලිබදව කථාකිරීමට එක්වෙති. මෙය ඉතා සිත්ගන්නා සුළු පුවතකි.