
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාදිවෙල පිහිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂාවද වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කර ඇත.
මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ගේ නිල නිවාස සංකීර්ණයේ ආරක්ෂාවට පොලිසියට අමතරව යුද හමුදාවද යොදවනු ලැබ ඇත.
රටේ පවතින තත්වය සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙයට අමතරව එම නිවාස සංකීර්ණය අවට ප්‍රදේශයේ බුද්ධි අංශ කණ්ඩායම්ද සීරුවෙන් තබා ඇතැයි වාර්තා වේ.
මේ අතර පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ ආරක්ෂක අංශ, බුද්ධි අංශ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(4) පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව හෙට (4) සිට ලබන 8 වැනිදා සිකුරාදා දක්වා පැවැත්වෙන අතර පාර්ලිමේන්තුව රැස්වන එම කාලසීමාවේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද රජයේ අවධානය යොමුවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කට්ටියට එළියට බහින්න දෙන්න එපා.
ජනතාව ඡන්දෙන් පත්වෙලා ජනතාවගෙන් බේරෙන්න ආරක්ෂක අංශවල සහය පතනවා කියන්නේ ලබාගත්තු ජනවරම නැතිකරගෙන කියන එකයි. ඔය ආරක්ෂාව තාවකාලිකයි. ඊටපස්සේ තනියම මුහුණ දීමට සිදුවෙනවා. කාලෙ ඉවරයි ඔබලාගේ...
හොරු ආරක්ෂා කරන්නත්, හොරු අල්ලන්නත් දෙකටම යොදාගන්නේ අපේ අහිංසක හමුදා, පොලිසිවල අය... අපේ රටේ තිබුණු ධනය හොරාකෑවෙත් දේශපාලකයෝ... අන්තිමට ඔවුන් ආරක්ෂා කරන්න වෙලා තියෙන්නෙත් ජනතාවට...?