
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීම සඳහා තොරතුරු ලබා ගත්තේ ඩ්‍රෝන කැමරා මගින් බව සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
අදාල නිවාස වලට ගමන් කරන මාර්ග ඇතුළු සියලු තොරතුරු ඩ්‍රෝන කැමරා යවා ලබා ගෙන තිබෙන බව කී සභානායකවරයා මෙය ඉතා තියුණු සැලැස්මක් ඇතිව ක්‍රියාත්මක වූ කාරණයක් බව ද සඳහන් කළේය.
ගමේ අය නොව පිටින් පැමිණි කණ්ඩායම් මේවා කළ බව කී සභානායකවරයා මේවා සොයන්නට පාර්ලිමේන්තුව මැදිහත් විය යුතු බවද සඳහන් කළේය.
මේවා සොයන්නට මැදිහත් නොවුවහොත් ප්රජාතන්ත්රවාදී පාර්ලිමේන්තු ක්‍රමයත් අභාවයට පත් වී අරාජික රටක් නිර්මාණය වීමට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියපොත්තෙන් කඩන්න තියෙන වල්පැල පොරවෙන් කපන්න තියාගන්න එපා.
හොඳම දේ මේ වයසක මැති ඇමතිවරු ඉවත්ව තරුණ පරපුරට බුද්ධිය පාවිච්චියට තැන ලබාදීම. පාර්ලිමේන්තුව මහලු මඩමක් වගේනේ...
වංචා ගැන ඔබතුමාට කිසිම චෝදනාවක් අපි දන්නේ නැහැ. ඔබතුමා පාර්ලිමේන්තුවේදී විරුද්ධ වාදීන්ට උත්තර සපයන්නේ අතීතය ගැන බෙරිහන් දෙමින්. ඒ ක්‍රමය නවත්තලා, ප්‍රශ්නයට සැබෑ විසඳුම් දීම, වැරැද්දක් වූවානම් එය පිළිගැනීම සහ ඒවා නිවැරදි කිරීමට පුරුදුවුයේ නම් ඔබතුමා ඔය කියන තර්කය ඉතාමත් ප්‍රබල වේවි. කිසි විටෙක බලය යන්න යුක්තිය ලෙස සලකන්න එපා. යුක්තිය බලය කරන්න.
ඔච්චර ප්ලෑන් කරලා තියනව නම් වැරැදි අයගේ ගෙවල් මැදමූලන කියලා ගිනි තිබ්බේ ඇයි? මේක ආවේගය නිසාත් ඒ සමගම වටවුණු සොරුන් නිසා වී ඇති බව මොළේ තියන අයට පමණක් වැටහෙනවා. කතන්දර හදන්න දක්ෂ අයටත් අදහස් ගත හැකියි.