(සුජිත් හේවාජුලිගේ)
ඕස්ට්‍රේලියාවේ සමාගමකට ගෙවීමට ඇති ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විසිපහක ණය මුදලක් පිටස්තර පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන්වූ මහ භාණ්ඩාගාරයේ වාර්තාව පිළිබඳව කරුණු සලකා බැලීම සඳහා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙට ( 8) සඳුදා රැස්වෙයි.
මහා භාණ්ඩාගාරයේ එම වාර්තාව එහි නිලධාරීන් විසින් පාර්ලිමේන්තුවට පසුගියදා බාර දෙනු ලැබීය.
මේ අනුව වාර්තාවේ පිටපත් කමිටුවේ සියලුම සාමාජික මන්ත්‍රීවරුන්ට දැනටමත් බෙදා දී ඇත.
මේ මුදල් වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු ප්‍රධානීන් කැඳවා මීට ඉහතද සාකච්ඡා කරනු ලැබීය.
මේ සම්බන්ධයෙන් අප සාමාජික මන්ත්‍රී රවී කරුණානායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ කමිටුව හෙට සඳුදා රැස්වී මේ ගැන සාකච්ඡා කරන බවයි.
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු මුදල් කමිටුවේ සභාපති ආචාර්ය හර්ෂද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd